මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලික ව නතර කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට සැලසුම්

    සැප්තැම්බර් 07, 2022

    පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි.

    පසුගිය සදුදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඇමතිවරයා සඳහන් කරයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛයක් හේතුවෙන් පළාත් පාලන ආයතනවලට සිය බදු මුදලින් තම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාවක් නොලැබෙයි.

    මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ගණනාවක් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව පැවසු ඇමතිවරයා එම ඉල්ලීම් අනුව ජනාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමු කළ බව ද කීවේය. ඒ සදහා අවසර ලැබෙන්නේ නම් සිය ප්‍ර දේශවල සංවර්ධන කටයුතු සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු බලා සිටිමට පළාත් පාලන ආයතන වලට සිදු නොවන බව ද ඇමතිවරයා අවධාරණයකළේය.

    මේ අතර අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති වල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි.


    පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරිම තාවකාලිකව අත්හිටුවා ඇතැත් කඩිනමින් නැවත එම ව්‍යාපෘති ආරම්භ කිරිම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya