මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය අහාර වර්ග පහක මිල අඩුකිරීමට පියවර - ලංකා සතොස සභාපති

    අගෝස්තු 23, 2022

    අද සිට ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය ආහාර වර්ග පහක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (23) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ආනයනික සම්බා සහල් කිලෝවක මිල රු.21 කින්, ආනයනික නාඩු සහල් කිලෝවක මිල  රු.02 කින්, හාල්මැස්සන් කිලෝවක මිල රු.25කින්, රතු පරිප්පු කිලෝවක් මිල රු.25 කින්, දුඹුරු සීනි කිලෝවක් මිල රු.02 කින් වශයෙන් මිල අඩු කිරීමට කටයුතු කර ඇත.

    එමෙන්ම, මෙම වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක මිල අඩු කිරීමට හැකි ව තිබෙන බව පැවසූ සභාපතිවරයා, ජනතාවට වඩාත් උපරිම සහන ලබා දීමට සතොස වෙතින් කටයුතු කරන බවත්, භාණ්ඩ සැපයුම සැලකිල්ලට ගෙන ඉදිරියේ දී තවත් ආහාර වර්ග වල මිල ගණන් අඩු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya