මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා

    ජූලි 26, 2022

    ජපානයේ විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ (SSWP) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රි ලාංකිකයින්ට වරම්...

    විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී තිබේ.

    ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා අනෙකුත් ආයතනවල මැදිහත්වීම මත මෙම කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, තානාපති කාර්යාලය මෙහිදී සුවිශේෂි කාර්යභාරයක් සිදුකර ඇත.

    කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතාවයට අමතරව වෘත්තීය සුදුසුකම්ද අවශ්‍ය වන අතර වයස අවුරුදු 17 ට වැඩි සුදුසුකම් ලත් අයට මේ සඳහා අයදුම් කළ හැකි බව කාර්යාංශය සඳහන් කරයි.

    කුසලතා පරීක්ෂණයට අදාළ විභාග 2022 ජූලි මස 29 හා 31, අගෝස්තු 2,3,5,7-10,19,21,23-26 හා 28, සැප්තැම්බර් 1,2,4,6,7,9 හා 11, ඔක්තෝම්බර් 11-13,16,18-20 හා 23 සහ නොවැම්බර් මස 8-10,13, 15 හා 16 යන දින වලදී පරිගණක ආශ්‍රයෙන් පැවැත්වේ.

    පරිගණක ආශ්‍රයෙන් මෙම විභාගය පැවැත්වෙන්නේ කොළඹ පහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත මාවතේ පිහිටි Australia college of business and technology ආයතනයේදීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya