මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය- කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 05, 2022

    2022 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    මේ සම්බන්ධයෙනස් අදහස් දැක් වූ කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ , විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම අසීරු වී තිබෙන බවයි. වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන බරපතල රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගත නොහැකි බැවින් එම පුනාරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් රැසක් සංශෝධනය කිරීමට සිදු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    තවද ආර්ථක ස්ථායීතාවය සඳහා අදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහාද කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya