අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා සංග්‍රාමයට සහාය දෙන්න ආණ්ඩුකාරවරිය ගෙවතු වගාවට බසී 

    ජූනි 21, 2022

    පළාතේ සෑම රාජ්‍ය ආයතනයකම ආදර්ශ ගෙවත්තක් ඇති කිරීම සදහා ගත් තිරණය යථාර්ථවත් කිරීම සදහා ත්‍රිකුණාමලය පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාල ගෙවත්තේ අළුතින් එළවළු පැළ සිටුවිම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

     

    පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ලැබුණු මෙම එළවළු පැළ සහ බීජ ආණ්ඩුකාරවරිය සහ කාර්යාලීය නිලධාරින් විසින් ගෙවත්තේ සිටවූහ. මීට සමගාමීව නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රාජ්‍ය ආයතනයකම ආදර්ශමත් ගෙවත්තක් ඇති කරන ලෙස ආණ්ඩුකාරවරිය සියළු ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කර තිබේ.

    ඉදිරියේදි පැමිණෙනු ඇතැයි කියන ආහාර හිඟයට සාර්ථකව මුහුණදීම සදහා ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන වල ආදර්ශ ගෙවතු වගාවන් ඇති කරන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
    මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya