අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට- අග්‍රාමාත්‍ය

    මැයි 16, 2022

    රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබා දීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

    ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග (15) පැවති සාකච්ඡා වලදී සෞඛ්‍ය, පොහොර සහ ආහාර යන ක්ෂේත්‍ර සඳහා තවදුරටත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව  ද අග්‍රාමාත්‍යවරයා කීය.

    දැනට ඇති ප්‍රධානම ගැටළුව නම් , එළඹෙන සතිය සඳහා ඉන්ධන ලබා ගැනීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා,බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන්, අනෙක් මාර්ග ඔස්සේ ඉන්ධන සඳහා අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද කීය.

    21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඒම කෙටුම්පත සකස් කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

    අද දිනයේ දී කැබිනට් මණ්ඩලය රැස් වීමට නියමිත අතර රටේ පවතින ආර්ථික තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබා දීමට නියමිත බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya