මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කරුණු පැහැදිළි කරයි

    මැයි 08, 2022

    ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්බන්ධවයි.

    ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන වල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති අතර ප්‍රශ්ණකාරී ටැංකි රථය කොළොන්නාව නිමාව වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදු කරන අතර අදාළ බවුසරය නාරම්මල පිරවුම්හල වෙත යාමට ප්‍රථම දඹදෙණිය ප්‍රදේශයේ පිරවුම්හල් දෙකකට 92 ඔක්ටේන් පෙට්‍රල් රැගෙන ගොස් ඇත. එම පිරවුම්හල් 2 ආශ්‍රිතව සිදුකර ලද පරික්ෂණ වලදී ඉන්ධන වල කිසිඳු ගැටලුවක් වාර්තා වී නොමැත.

    ඊයේ දිනයේදි (05.05.2022) දිවයින පුරා 92 ඔක්ටේන් ලීටර ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර බවුසර් රථ 472 බෙදාහැරීම් කටයුතු වල යෙදී ඇත. ඒ කිසිදු ස්ථානයකින්ද මේ දක්වා ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්තා වී නැත.
    පර්යන්තයකින් හෝ තොග ගබඩාවකින් ඉන්ධන නිකුත් කිරීමේදි නිසි ප්‍රමිතිගත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරන අතර සෑම දිනකම අදාළ නියැදි පරික්ෂාකිරීමක් සිදු කරයි. එමෙන්ම ටැංකි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමෙන් පසු අදාළ ටැංකි රථයේ රියදුරා සමග ප්‍රමිතිය සම්බන්ධව සහතික කරගැනීමක් සිදු කරන අතර ඉහත නාරම්මල පිරවුම්හලට ලඟා වූ බවුසරයද මුතුරාජවලින් පිටත් වීමට පෙර ප්‍රමිතිය සහතික කර ගෙන ඇත.
    ගාල්ලේ ඉන්ධනහලක ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිරයන තොරතුර ගැනද පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතී. මේ වන විට මූලික පරීක්ෂණයන්ට අනුව එම ඉන්ධන පිරවුම්හලේ ටැංකි තුල භූගත වතුර ඉවත් කර නිසි ක්‍රමවේද භාවිතා කර නොමැති බව පෙනී යන අතර, සම්පුර්ණ පරීක්ෂණයඅවසන් වන තුරු එම පිරවුම්හල වසා දැමීමට දැනුවත් කර ඇත.
    ඉන්ධන තොග ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයන්ට බෙදාහැරීම දක්වා අවස්ථා හතරකදී ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කෙරේ.
    ඉන්ධන තොග විදේශීය රටවලින් නැව්ගත කිරීමට පෙර ඉන්ධන වල ප්‍රමිතිය විශේෂයෙන්ම පරික්ෂාකරනු ලැබේ. මේ පරීක්ෂණය සඳහා ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් සහභාගි වේ.
    ඉන්ධන, නැව් මගින් කොළඹ වරායට පැමිණි පසු ප්‍රමිතිය පරික්ෂා කිරීම කොලොන්නාව සහ සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී සිදුකරනු ලැබේ.
    මෙම සාම්පල ලබාගැනීමේ සිට ප්‍රතිඵල නිකුත්කරන මොහොත දක්වා, ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන කණ්ඩායමක් නිරීක්ෂණය සිදුකරයි.
    නැවත ටැංකිවල ඇති ඉන්ධන , බවුසර් වලට ලබාදීමට පෙරද නිසි පරිදි ප්‍රමිතිය පරික්ෂාවට භාජනය කරන අතර බවුසර් මගින් ඉන්ධන පිරවුම්හල් වලට යැවීමට පසුද අහඹු ලෙස ප්‍රමිති පරීක්ෂණයන් සිදුකරනු ලැබේ.
    ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතී නම් 0115 234 234 හා 0115 455 130 යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya