මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන බෙදා හැරීමට විකල්ප ක්‍රම සූදානම්

    මැයි 01, 2022

    ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් පෞද්ගලික බවුසර් ඉවත්වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3ක් මගින් සිදු කරන බවත් ඒ රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර්ය. මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සඳහා, පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84%ක වර්ධනයක් වේ.

    එමෙන්ම තවදුරටත් සංශෝධන කිහිපයක් කිරීමට එකඟත්වය පල කර තිබුනත් ඒම සංශෝධන ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඉන්ධන බෙදා හැරීමෙන් එම පෞද්ගලික අංශයේ බවුසර් ඉවත් වුවහොත් එම කාර්යට පැමිණෙන බවුසර් සහ වෙනත් විකල්ප ක්‍රම භාවිතා කිරීමට මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
    .
    රාජ්‍ය ආයතනයක් ලෙස මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනයන් සිදු කල යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම තව දුරටත් සිදු කරන බවත් (29)රාත්‍රියේද ඩීසල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, පෙට්‍රල් සහ බොර තෙල් නෞකා දෙකක ගොඩ බෑමේ කටයුතු ද සිදු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya