මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නෑ - අමාත්‍ය රමේෂ් පතිරණ

    මාර්තු 27, 2022

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳව විපක්ෂයේ ඇතමුන් ගෙන යන අසත්‍ය චෝදනා කිසිදු පදනමකින් තොර බවත් පටු දේශපාලන වාසි සහ රට අස්ථාවර කිරීම වෙනුවෙන්
    ඔවුන් මෙසේ කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (2 5 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එසේම මෙහිදි අදහස් පල කල අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් මේ දක්වා පැන නැගි නොමැති බව රජය වෙනුවෙන් වගකීමෙන් යුතුව තමා ප්‍රකාශ කරන්නේ යැයිද මෙහිදි සඳහන් කළේය.

    එහිදි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා  අදහස් දක්වමින්,
    “අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතිය පිළිබඳව කිසියම් ගැටලුසහගත තත්වයක් මතුවෙලා තිබෙනවා ඊයේ පාර්මේන්තුව තුළ ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා කළ ප්‍රකාශයත් සමඟ. අපි ඉතාමත් පැහැදිලිව කියනවා රාජ්‍ය බැංකු පද්ධති කළමණාකාරිත්වය ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකු මූල්‍ය ස්ථාවරභාවයක් ඇතිව, කිසිම ගැටලුවක් නොමැතිව ස්ථාවරභාවයේ පවතින බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කර ගන්න එපා. රාජ්‍ය බැංකු පද්ධතිය ඉතාම ස්ථාවරව පවතින බව සහතිකය අපි ඉතාම වගකීමෙන් මේ රටේ ජනතාවට ලබා දෙනවා.
    2021 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු 03 රු. බිලියන 20 ට අධික ලාභ ලබලා තිබෙනවා. ඒ වගේම බැංකු පද්ධතිය සතුව රුපියල් ට්‍රියලන ගණනක් වටින වත්කම් පද්ධතියක් තිබෙනවා. ඒ නිසා මේ රටේ එම බැංකු සමඟ ගණදෙණු කරන කිසිම පුද්ගලයෙක් කිසිදු බියක් ඇති කරගත යුතු නෑ. එම බැංකු පද්ධති ඉතාම ආරක්ෂිතව පවතිනවා.

    ඒ වගේම වර්තමානයේ අපේ රට මුහුණ දෙන මූල්‍ය ගැටලු සහ විදේශ විනිමය අර්බුදය පිළිබඳව කාරණයේදී ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකින්ම අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධ අර්බුදය දීර්ඝකාලයක් තිස්සේ වර්ධනය වෙච්ච අර්බුදයක්. එහි 2020 සහ 2021 වසරේ කොරෝනා අර්බුදයෙන් පසුව මතුවෙච්ච තත්වයත් එක්ක මේ වසරේදී ගැටලුකාරි තත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා දේශපාලනමය වශයෙන් මේ අවස්ථාවේදී වාසි ලබා ගැනීමට කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ රාශියක් උත්සහ කරන බව . ඒ නිසා අපි ගෞරවයෙන් මේ රටේ සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කර සිටිනවා මේ ජාතික අර්බුදය අවස්ථාවේදී ඔවුන්ගේ නිෂ්චිත විසදුම් යෝජනා රජයට ඉදිරිපත් කරන්න කියලා. අපි එකතුවෙලා මේ ගැටලුවෙන් මේ රට මුදවා ගැනීම පිණිස කටයුතු කරමු කියලා ඉල්ලා සිටිනවා. මේ සර්ව පාක්ෂික සමුළුව කැඳවලා විවිධ අදහස් යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා විවිධ පක්ෂවලින්. ඒ යෝජනා පිළිබඳවත් රජය ඉතාම කල්පනා කරලා ඉදිරියේදී
    අවශ්‍ය කටයුතු කරන්න තීන්දූ කරලා තිබෙනවා.

    ඒ වගේම පසුගිය දිනවලදි දැක්කා දේශපාලන පක්ෂ කණ්ඩායම් රාශියක්ම මේ හා සම්බන්ධයෙන් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ පවත්වනවා. එහෙත් අපිට දැක ගන්නට හැකි ප්‍රධාන කාරණය තමයි එම දේශපාලන පක්ෂ එකක්වත් නිෂ්චිත විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කොට නෑ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

    දීර්ඝකාලයක් තිස්සේ මෙරටට ගොඩනැගෙන වෙළඳ ශේෂය අවම කර ගැනීම වෙනුවෙන් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමටත් ආනයන සීමා කිරීම වෙනුවෙන් ගත හැකි පියවර රාශියක් අරගෙන තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි මේ රටේ වවන්න පුළුවන් සියලු ද්‍රව්‍ය වවන්නටත්, කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදීම සහ වාහන ආනයනය ඇතුළු අනවශ්‍ය වියදම් සීමා කිරිමට ජනාධිපතිතුමා කටයුතු කළේ. මේ ගැටලුව මතුවන බව වසර දෙකකට කලින් දැකපු නිසයි. මේ මෑතකදි මේ අර්බුදය උග්‍ර වුණේ 2020 සහ 2021 වසර වල ඇති වෙච්ච විශාල ආදායමේ කඩා වැටීම කියන කාරණය නිසයි.

    ඒ නිසා රජය හැටියට මේ රටේ ජනතාවගේ පිඩාවන් පිළිබඳව ඉතාම පැහැදිලි වැටහීමක් තිබෙනවා. ඒ නිසා ජනතාවට හැකි ඉක්මණින් සහන සලසන්න ඒ වෙනුවෙන් විශේෂිත ක්‍රමවේද රැසක් දැනටමත්
    යෝජනා කරලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාත්, මුදල් ඇමතිතුමාත් ඇතුළු රජයත් මේ හා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අන්තර්ජාතික සංවිධාන සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු මිත්‍ර රටවල් සියල්ල සමඟ ආධාර ලබා ගන්න පුළුවන් සහ මේ අවස්ථාවේදී සහය ලබා දෙන්න පුළුවන් සෑම රටකම අනුග්‍රහය පතල තිබෙනවා. ඒ නිසා ගතවන ඉදිරි කාලයේදී විශේෂයෙන් සුභදායි තත්වයක් මේ රටේ ඇතිවෙයි කියලා.

    ඒ වගේ මොසම් වැසි නොලැබීම නිසා විදුලිබලය පිළිබඳව පැහැදිලි ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. එම නිසා නොවැම්බර් මාසයේ 29 මේ රටේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය බිඳවැටීම නිසා ජාතික
    පද්ධතියට මෙගාවොට් 300 ට වැඩි ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා දෙසැම්බර් මාසය තුළදි අධික ලෙස ජල විදුලිය නිෂ්පාදනයක් මේ රටේ සිදු වෙලා තිබෙනවා. ඒ හරහා පැහැදිලිවම ජල විදුලි නිෂ්පාදනය අඩුවීමත් වාර්තා වන නිසා මේ අර්බුදය වඩාත් උග්‍රවෙලා තිබෙන්නේ. ඒ නිසා සංකීර්ණ කාරණා රාශියක් මේ කාල සීමාව තුළ රටේ අවාසනාවන්ත ලෙස පෙල ගැසිලා තිබෙනවා. ඒ නිසා මේ සියල්ලේම නිමාවක් දකින්නට ධෛර්යෙන් කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා ජනතාව මුහුණ දිලා තිබෙන අපහසුතාවයන් සියල්ලම ක්‍රමානුකූලව අඩු කරගන්න අපිට පුළුවන් වෙයි කියලා.”

    එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාද අදහස් දක්වමින්,
    “ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය විදිහට අපි මේ මාසයේ පළමු සති අන්තයේ ඉඳලා ලංකාවේ තරුණ ආසන බල මණ්ඩල සියල්ල නැවත කැඳවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ සඳහා තරුණයින්ගේ විශාල සහභාගිත්වයක් තිබ්බා. මේ අවුරුදු 02 ක කාලය තුළ මේ ආණ්ඩුව තරුණයන් වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් කරලා තිබෙනවා. මේ අමාරු තත්වයන් තුළ වූවද අපි ගැන විශ්වාසයක් තරුණයන් තුළ ගොඩනැගිලා තිබෙනවා. විශේෂයෙන් මේ තරුණ පරපුරෙන් ඉල්ලා සිටින්නේ මේ අමාරු අවස්ථාවේ ඒ සියලුදෙනා එකතුවෙලා අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන්න කියලා.

    ගිය ආණ්ඩුවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ට දිමනාවන් ලබා දිලා තිබෙනවා. නමුත් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ඒ කිසිම ප්‍රතිලාභයක් නැතිව ඔවුන්ගේ රාජකාරිය ඉටුකරනවා. අමාරු තත්වය පිළිබඳව මේ මාසයේ අග වෙද්දි අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් රට සාමාන්‍ය විදිහට රට ඉදිරියට ගමන් කරයි කියලා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya