මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්රේනයේ සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පහසුකම් සපයයි

    මාර්තු 03, 2022

    මාධ්‍ය නිවේදනය

    අන්කාරා, වෝර්සෝ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුක්රේනයේ සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පහසුකම් සපයයි

    යුක්රේනයේ සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරයි. යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු යුක්රේනයෙන් පිටත්ව ගිය අතර, එතැන් සිට විදේශ අමාත්‍යංශය අන්කාරා සහ වෝර්සෝ හි පිහිටි විදේශ දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් පෝලන්ත දේශසීමාව හරහා තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු යුක්රේනයෙන් ඉවත් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇත. පෝලන්තය හරහා මෙරටට පැමිණීම සඳහා පෝලන්ත දේශසීමාව වෙත ළඟා වන යුක්රේනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් පහත සඳහන් ක්ෂණික දුරකතන අංක ඔස්සේ වෝර්සෝ හෝ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    දුරකථන: (වොර්සෝ) +48 795 031 376, +48 536 229 694;

    (අන්කාරා) +90 534 456 94 98, +90 312 427 10 32

    ගොමෙල් රාජ්‍ය වෛද්‍ය විශ්විද්‍යාලයේ සහ බෙලරුසයේ ග්‍රොඩ්නෝ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තාවකාලික ලෙස ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා විදේශ අමාත්‍යංශය මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. ඉහත විශ්වවිද්‍යාල දෙකෙන් තාවකාලිකව ඉවත්ව මෙරටට පැමිණීමට කැමති සිසුන්ට අවැසි තොරතුරු ලබාගැනීම සහ සහය පැතීම සඳහා පහත දුරකතන අංකය හරහා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැක.

    දුරකථන: +79 80 144 5726

    දේශසීමා සහිත රටවලට ඇතුළු වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් පහත සඳහන් දෑ ඔවුන් සතුව තබාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    - වලංගු විදේශ ගමන් බලපත්‍ර /ගමන් ලේඛන;

    - තාවකාලික ගමන් ලේඛනයක් (විදේශ ගමන් බලපත්‍රයක්) අවශ්‍ය නම්, උප්පැන්න සහතික, විදේශ ගමන් බලපත්‍රවල පිටපත් වැනි හඳුනාගැනීමේ ලේඛන;

    - දේශසීමාවේ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවන හෙයින් ආහාර, ජලය සහ ඖෂධ ප්‍රමාණවත් ලෙස තබාගැනීම

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්/ සිසුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ඉවත් කරගැනීමේ කටයුතුවල තත්ත්වය පිළිබඳ තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ පවුල්/දරුවන් වෙත යාවත්කාලීන කරනු ලැබේ.

    වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි ය.

    දුරකථන: +94 11 233 8837, +94 11 233 5942

    විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය- කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya