මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා සාකච්ඡා ඇරඹුවා - අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 24, 2022

    උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සමග, (22) රාත්‍රියේදී සාකච්ඡා කළ බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව අනාවරණය කළේ, මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊයේ ( 23 ) පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණට ප්‍රතිචාර දක්වමිනි.

     

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

     

    " ගරු කථානායකතුමනි, හිටපු අගමැතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා ප්‍රශ්නය මතු කළාට. ඊයේ රාත්‍රියේම ඒ ගැන සාකච්ඡාවක් කරලා තියෙනවා අපි මේ ගැන. විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට විදුලිබල මණ්ඩලය හා PUCSL (මහජන උපයෝගිතා කොමිෂන් සභාව) එකත් එක්ක කතා කරලා තියෙනවා පුළුවන්තරම් දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්න. මම අගය කරනවා ඔබතුමා ඒ ප්‍රශ්නය නැගුවට ..."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya