අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

    පෙබරවාරි 21, 2022

    ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue)  (  පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Ian Cain) මහතා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන මැට් කනිග්හැම් (Matt Cunningham) මහතාද සහභාගී වී සිටින ලදී.

    තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් පැමිණ සිටි නියෝජිත පිරිස වෙත සමරු තිළිණ පිරිනැමීමක්ද සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya