මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් වැඩ ලක්ෂයක් සුභ මොහොතින් දීප ව්‍යාප්තව ඇරඹෙයි

    පෙබරවාරි 03, 2022

    අයවැයෙන් වැඩ ලක්ෂයක් යන තේමාව පෙරදැරි කරගනිමින් රටපුරා සිදුවන මහා සංවර්ධන සංග්‍රාමය අද (03) උදෑසන මුදල් අමාත්‍යංශය සහ දිවයිනේ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ 04ක් ආවරණය වන පරිදි සජීවී විකාශයන් නිල වශයෙන් විකාශය කරමින් සමාරම්භය සනිටුහන් කරන ලදී.

    මෙම සංවර්ධන ක්‍රියාදාමය යටතේ අවධානය යොමු කරන ප්‍රධාන කාණ්ඩ 04කි. එනම්, ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සංවර්ධනය, පරිසර සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රයි.

    මාස කිහිපයක් තුළ ජනතාවගෙන් ගමින් ගමට ගොස් අදහස් විමසමින් ජාතික අවශ්‍යතා සපුරාලීමටත්, මිස 12ක් ඇතුළත වැඩ අවසන් කිරීමටත් අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සදහා මුදල් අමාත්‍යංශය කාර්තුවෙන් කාර්තුවට මුදල් ලබාදීමට නියමිතය.

    අප රටේ එකවර එක නැකතකට වැඩ අරඹමින් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රට ඉලක්කගත කිරීම අරමුණු කරගත් අයවැයෙන් වැඩලක්ෂයක් මහා සංවර්ධන සංග්‍රාමය මෙරට ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 14,022 ම ආවරණය වන පරිදි දිගහැරෙන තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි.

    අද නිල වශයෙන් විකාශය වූ මෙම සමාරම්භක උත්සවයේදී මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් එහි ලේකම් එස් ආර් ආටිගල මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය.

    මෙම අයවැයෙන් වැඩලක්ෂයට සමගාමීව කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 500ක් යළි අස්වැද්දීමට නියමිත වන අතර කලුගම් මිටියාවතේ ජනතාව මුහුණදෙන ගංවතුර ප්‍රශ්නයට පිළියමක් වශයෙන් සහ පරිසර අලංකරණය වෙනුවෙන් දුම්මල මෝදර ඇල ප්‍රතිසංස්කරණ කටයුතු අද උදෑසන ඇරඹීය.

    මීට සමගාමීව අද උදෑසන නිකවැරටිය මිල්ලගොඩ ග්‍රාමසේවා වසමේද තවත් වැදගත් කර්තව්‍යයන් රාශියකට නිකවැරටිය ආසන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් මුලපිරුවේය. ඒ අනූව නිකවැරටිය ඉබ්බාවල මිල්ලගොඩ ග්‍රාමසේවා වසමේ ජනතාව වෙත වෘත්තීයමය අවශ්‍යතාවයන් සදහා ආර්ථික ශක්තිය සංවර්ධනයට අවැසි මූල්‍ය ප්‍රතිපාදන, කාර්මික වැඩකටයුතු සදහා අවශ්‍ය මෙවලම්, කෘෂිකාර්මික වැඩකටයුතු සදහා අවශ්‍ය පැළ වර්ග ආදිය බෙදාදීම සිදුකළේය.

    මිනුවන්ගොඩ විතානමුල්ල ජනතාව වෙනුවෙන් නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද දින මුලපිරුණු අතර ඒ යටතේ ඉදිරියේදී ප්‍රදේශයේ පවුල් 1500ක් සදහා ප්‍රතිලාභ සැලසෙනු ඇත.

    ගමට පමණක් සීමා නොවූ සංවර්ධනය, සංවර්ධනයේ අරුණළු මගහැරුණු ඇතැම් නාගරික ප්‍රදේශ හදුනාගනිමින් ඒවා වෙතද ළගාකරවීම මෙහි එක් අපේක්ෂාවකි. ඒ අනූව අද උදෑසන කොළඹ තිඹිරිගස්යාය බල ප්‍රදේශයේ එනම් වැල්ලවත්තේ ගාලු පාරේ සිට මීටර් 50ක් හැරී අංක 465 වත්තට ප්‍රවිශ්ට වීමට ඇති මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුත්තද ආරම්භ කෙරිණි.

    ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සෑම මට්ටමකම ජනතාවගෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සදහා ඉටුවන සේවය අගය කරමින් අද උදෑසන මුදල් අමාත්‍යංශයේදී තම කතාව ඇරඹූ මුදල් අමාත්‍යවරයා පරිපාලන ක්ෂේත්‍රයේ කුඩාම ඒකකය වන මෙරට සියලුම ග්‍රාමසේවා වසම් 14022, මහජන නියෝජිතයන් නියෝජනය වන පළාත් පාලන කොට්ඨාශ 4917, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ගොනුකරමින් ප්‍රාදේශීය සංවර්ධන කමිටු, එහි ලේකම්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු සියලුම ප්‍රාදෛ්ශීය මට්ටමේ නිලධාරීන්, ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්, ප්‍රජා නායකයින්, මහජන නියෝජිතයින් ආදී සියල්ලන්ම එකතු කරගනිමින් සිදුකරන මෙම වැඩසටහන අද සාර්ථකව ඇරඹීමට හැකිවූ බව අවධාරණය කළේය.

    ජනපතිතුමන්ගේ ගමසමග පිළිසදර වැඩසටහන පාදක කරගනිමින් ඇරඹි මෙම කර්තව්‍ය මාස කිහිපයක් ගමින් ගමට ගොස් ජනතා අදහස් විමසා ගැලපීම් කර සිදුකළ බව සිහිපත් කළ මුදල් අමාත්‍යවරයා, මෙමගින් ජාතික අවශ්‍යතාවයන් හදුනාගනිමින් ජාතික ඉලක්ක සපුරාලීමට ක්‍රියා කළයුතු යැයිද සඳහන් කළේය.

    මුදල් රෙගුලාසි වලට අනූව ජාතික ඉලක්ක සපුරාලීමට ගැලපෙන ලෙස ග්‍රාමීය යෝජනා ගලපමින් සිදුකළ මෙම කර්තව්‍ය වෙනුවෙන් වෙහෙසුණු සියලුම ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් හට ස්තුතිය පළකළ මුදල් අමාත්‍යවරයා මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට සියලුම මාධ්‍ය වල මෙන්ම ප්‍රජා නායකයින්ගේ පරීක්ෂණය, අධීක්ෂණය සහ අවධානය වැදගත් බවද සිහිපත් කළේය.

    මෙවැනි අසීරු වසංගත තත්ත්වයක් තුළ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මූලිකත්වය මත සිදුකළ සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් අනුරට වලට වඩා ඉක්මණින් සාර්ථකව විදි විධාන යෙදීමට හැකිවූ බවද, මෙරට කඩා වැටුණු ක්ෂේත්‍ර වල ආර්ථික දියුණුව මෙම වසරේ බලාපොරොත්තු වන බවද මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

    අයවැයෙන් වැඩ ලක්ෂයක් මෙරට සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් වනු දැකීම අප සැමගේ පැතුමයි...!

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya