මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කඩාවැටුණු ක්ෂේත්‍රවල ආර්ථික දියුණුව මෙම වර්ෂයේ බලාපොරොත්තු වෙනවා - මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

    පෙබරවාරි 03, 2022

    මෙරට කඩාවැටුණු ක්ෂේත්‍ර වල ආර්ථික දියුණුව මෙම වර්ෂයේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (03) උදෑසන මුදල් අමාත්‍යංශයේ පැවති ''අයවැයෙන් වැඩ ලක්ෂයක් '' සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළ උත්සවයේදී අදහස් දක්වමිනි.

    මෙහිදී ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සෑම මට්ටමකම ජනතාවගෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සදහා ඉටුවන සේවය අගය කිරීමට අමතක නොකළ මුදල් අමාත්‍යවරයා පරිපාලන ක්ෂේත්‍රයේ කුඩාම ඒකකය වන මෙරට සියලුම ග්‍රාමසේවා වසම් 14022, මහජන නියෝජිතයන් නියෝජනය වන පළාත් පාලන කොට්ඨාශ 4917, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ගොනුකරමින් ප්‍රාදේශීය සංවර්ධන කමිටු, එහි ලේකම්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු සියලුම ප්‍රාදෛ්ශීය මට්ටමේ නිලධාරීන්, ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්, ප්‍රජා නායකයින්, මහජන නියෝජිතයින් ආදී සියල්ල එකතු කරගනිමින් සිදුකරන මෙම වැඩසටහන අද සාර්ථකව ඇරඹීමට හැකිවූ බව අවධාරණය කළේය.

    ජනපතිතුමන්ගේ ගමසමග පිළිසදර වැඩසටහන පාදක කරගනිමින් ඇරඹි මෙම කර්තව්‍ය මාස කිහිපයක් ගමින් ගමට ගොස් ජනතා අදහස් විමසා ගැලපීම් කර සිදුකළ බව සිහිපත් කළ මුදල් අමාත්‍යවරයා, මෙමගින් ජාතික අවශ්‍යතාවයන් හදුනාගනිමින් ජාතික ඉලක්ක සපුරාලීමට ක්‍රියා කළයුතු යැයිද සඳහන් කළේය.

    මුදල් රෙගුලාසි වලට අනූව ජාතික ඉලක්ක සපුරාලීමට ගැලපෙන ලෙස ග්‍රාමීය යෝජනා ගලපමින් සිදුකළ මෙම කර්තව්‍ය වෙනුවෙන් වෙහෙසුණු සියලුම ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් හට ස්තුතිය පළකළ මුදල් අමාත්‍යවරයා, මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට සියලුම මාධ්‍ය වල මෙන්ම ප්‍රජා නායකයින්ගේ පරීක්ෂණය, අධීක්ෂණය සහ අවධානය වැදගත් බවද සිහිපත් කළේය.

    මෙවැනි අසීරු වසංගත තත්ත්වයක් තුළ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මූලිකත්වය මත සිදුකළ සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් අනුරට වලට වඩා ඉක්මණින් සාර්ථකව විදි විධාන යෙදීමට හැකිවූ බවද පැවසුවේය.

    ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මීට පෙර කිලෝ මීටර් ලක්ෂයක පාරවල් සකස් කළ බවද, අඩු ආදායම්ලාභී පුද්ගලයන් ලක්ෂයකට රැකියා දීමට සමත් වූ අතරම උපාධිධාරීන් 53000කට අධික පිරිසක් පුහුණු කරමින් ස්ථිර රැකියා ලබාදුන් බවද සිහිපත් කළේය.

    ප්‍රධාන යටිතළ පහසුකම් යටතේ මහා මාර්ග, වාරිමාර්ග, ජල යෝජනා ක්‍රම, පුනර්ජනනීය විදුලි බලය, නිවාස සහ නාගරික සංවර්ධන යන පසුවැදෑරුම් සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කරන අතර ගම් මට්ටමේ කුඩා ව්‍යාපාර වැඩසටහන්ද මේ තුළින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ අනූව මුළු රටම වැළදගත් වැඩපිළිවෙලක් යටතේ කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya