මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීකුණාමලය මහ රෝහල ඉදිකිරීම සඳහා භූමිය නීරීක්ෂණය කරයි

    ජනවාරි 01, 2022

    ත්‍රීකුණාමලය මහ රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය තීරණය කිරීමත් සමග ඊට සුදුසු භූමියක් තෝරාගැනීමට අදාළ ක්ෂේත්‍ර පරික්ෂාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ සිදුකෙරිණි.


    එහිදී සර්ධාපුර ප්‍රදේශයේ නව රෝහල ඉදි කිරීම සදහා සුදුසු යැයි යෝජනා විය. ඊට වෙන් කර ගැනීමට බලාපොරොතු වන ඉඩම අක්කර ප්‍රමාණය 50 කි.

    ඉතා කඩිනමින් මෙම භුමිය සෞඛය අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආණ්ඩුකාරවරිය දිසාපතිවරයාට උපදෙස් දුන්නාය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, ආණ්ඩුකාර ලේකම් එල්.පි.මදනායක, සෞඛය අමාත්‍යංශයේ නිලධාරීන්, ත්‍රිකුණාමලය රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya