අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

    දෙසැම්බර් 25, 2021

    අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේය.

    විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර 33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya