මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි නිල පියස නිවාස ව්‍යපෘතිය රාජ්‍ය සේවයට නිල වශයෙන් භාර දීම අද මොණරාගලදී

    දෙසැම්බර් 15, 2021

    රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ඉදිකරණ ලද දෙවැනි නිල පියස නිවාස ව්‍යාපෘතිය රාජ්‍ය නිලධාරීන් වෙත භාර දිමේ උත්සවය අද (15දා) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දී සිදුකෙරේ.

     

    දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන් දිවයින පුරා තම සේවාවන් සඳහා ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන නිවාස ගැටලුවට පිළියමක් ලෙස මෙම නිල පියස නිවාස වැඩසටහන රාජ්‍ය සේවා අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කෙරේ.

    මෙහි පළමු නිවාස ව්‍යාපෘතිය කොළඹ 07,හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ දී පසුගියදා විවෘත කෙරුණි.

     

    මොණරාගල දිස්ත්‍රික්ක්යට පිට පළාත් වලින් පැමිනෙන රාජ්‍ය නිලධාරීන් සඳහා ඉදිකරණ ලද මෙම නිවාස ව්‍යාපෘතියේ ඇති නිවාස ඒකක ගණන 32 කි.අබාධ සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සැලසීම ඉලක්ක කොට මෙහි බිම් මහලෙහි නිවාස නිර්මාණය කොට ඇති අතර අවිවාහක නිලධාරීන් කීපදෙනෙකුට එකට සිටිය හැකි පරිදි ඉහළ මාළයේ නිවාස ඒකක නිර්මාණය කර ඇත.මේ සඳහා රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැය කර ඇති මුදල රුපියල් මිලියන 289 කි.

     

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී කටයුතු වඩාත් පහසු වටා පිටාවක සිදුකිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසන බවයි.එමෙන්ම මෙම නිවාස ව්‍යාපෘතීන් හි තවත් අදියර තුනක් ගම්පහ,පොළොන්නරුව සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙමින් පවතී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya