මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් සඳහා වන ''වරලත් ආයතනය'' මෙරට වෘත්තීය මාධ්‍යවේදින් ලබා ගන්නා ඉහළම ජයග්‍රහණයයි- ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 25, 2021

    ජනමාධ්‍යවේදීන් සඳහා වන වරලත් ආයතනයේ කටයුතු එළඹෙන මැයි මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇති බවත් මෙරට වෘත්තීය මාධ්‍යවේදින් ලබා ගන්නා ඉහළම ජයග්‍රහණය මෙය බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ගෙවී ගිය දින 98ක කාලයක් තුළ තමා ලබා ගත් ඉහළම ජයග්‍රහණය වනුයේ ජනමාධ්‍යවේදීන් සඳහා වන මෙම වරලත් ආයතනය- charted institute for journalist in Sri lanka- පිහිටුවීම සඳහා වන කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හැකි වීම බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම වරලත් ආයතනය කේන්ද්‍ර කර ගනිමින් සියළුම පාසල් සහ විශ්ව විද්‍යාලයන්හි මාධ්‍ය කව පිහිටුවීමට දැනටමත් සැළසුම් සම්පාදනය කර ඇතැයිද කී අමාත්‍යවරයා විෂයකින් එහා ගිය වෘත්තීය මාධ්‍යවේදීන් බිහි කිරීම මගින් මාධ්‍ය සාක්ෂරතාවකින් පිරිපුන් යහපත් මාධ්‍යවේදින් බිහිකර ගත හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවද කීය.

    එමගින් සමාජයට, සහ පුරවැසියාට සිදුවන්නේ යහපතකට වඩා අයහපතක් බව පෙන්වා දුන්නේය. රටක පුරවැසියාගේ මාධ්‍ය සදාචාරය දියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා රජයකට ඇති විශාල වගකීම පිළිබඳව පැහැදිළි කළේය.

    ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම , ප්‍රවර්ධනය සහ මාධ්‍යකරණය ඇගයීම් වස් ලබා දිය හැකි ඉහළය අගය ලබා දෙන බවත් , ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ආරම්භ කිරීමට කටයුතු කළ බවත් කීය.

    තවද රජය විසින් මාධ්‍යවේදීන් උදෙසා ආරම්භ කළ ඇසිදිසි රක්ෂණාවරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන දෙසැම්බර් මස 02 වන දින සිට ආරම්භ වන බවද කීය. මෙමගින් මාධ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන දිරිගැන්වීමක් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමට රජය ගත් පියවරක් බවත් කීය.

    අද වන විට සාම්ප්‍රදායික මාධ්‍ය, නව මාධ්‍ය බවට පරිවර්තනය වී ඇති බවත් මාධ්‍ය නීතී රීති යල් පැන ගිය ඒවා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. භාණ්ඩාගාරයට බරක් නොවී එම ආයතන පවත්වා ගැනීම සඳහා එම නීති රීති යාවත්කාළීන කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව කීය. තැපැල් දෙපාර්තමේන්තු, ගුවන් විදුලි පනත් වල නීතිරීති ඉදිරියේදී සශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    රූපවාහිනිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහ තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ මාධ්‍ය නියාමනය, ආචාර ධර්ම පිළිබඳවද කටයුතු කරන බවද කීය. ජනාමාධ්‍ය ආයතනයන්ට වඩා සුදුසු වන්නේ ස්වයං නියාමන ක්‍රමයක් බවත් ජනමාධ්‍ය වෘත්තිය සමිති එක්ව ඒම ආචාරධර්ම සංග්‍රහය සාමූහිකව සකස් කර ගත යුතු බවත් එය කිසි සේත්ම භාෂණයේ නිදහසට හෝ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන්ට බාධා නොවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

     අද දිනයේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ භෂ්මාවශේෂ සහ කෘතගෘණ සැළසීමට ජනතාවට අවස්ථාව ලබා දී අතැයිද අමාත්‍යවරයා සිහිපත් කළේය. තවද පාර්ලිමේන්තුව තුළ වාර්තා කරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සරළ සාහසිකත්වය වෙනුවට ගැඹුරු දාර්ශනිකත්වයෙන් යුතුව තම වාර්තාකරණයේ යෙදෙන ලෙසයි.

    තමාගේ ධූර කාලයේදී මෙම නව ප්‍රතිසංස්කරණයන් සඳහා අමාත්‍යංශ ලේකම් ඇතුළු සියළු දෙනා සහය වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. තම මාධ්‍ය ජීවිතය පිළිබඳවද සිය අයවැය කතාව තුළදී අමාත්‍යවරයාගේ සිහිපත් කළේය. මාධ්‍ය පාලනය කරන්නා චින්තනයද පාලනය කරයි යනුවෙන් කියමනක් ඇතිබවත් ඉතිහාසයේ අඳුරුතුම යුගයේ එනම් 80 දශකයේ අවසානයේ තම මාධ්‍ය ජීවිතය ආරම්භ කළ තමාට ඉන් දශක තුනකට පසුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට ඇරඹීම සතුටක් බවද කීය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya