මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක් සතොස වසර 7කට පසු ලාභ උපයයි

    ඔක්තෝබර් 12, 2021

    ඉතිහාසයේ පළමු වරට ලක් සතොස ආයතනය වසර 7කට පසුව පසුගිය මාසයේදී බිලියන 20ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එමෙන්ම ලක්සතොස ආරම්භයේදී සිට මේ දක්වා කාලසීමාවේදී වාර්තා කළ ඉහළම අලෙවි පිරිවැටුප වූ බිලියන හතරක මුදල පසුගිය මාසයේදී වාර්තා වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පසුගිය කාලය පුරා ඇති කළ නව වෙනස්කම් හේතුවෙන් ඉතිහාසයේ වැඩිම ලාභයන් වාර්තා කරීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.තමා සතොස ආයතනය භාර ගන්නා අවස්ථාවේ අලාභය පමණක් බිලියන 20ක් වූ බවත් තවත් බිලියන 8ක මුදලක් සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12)පැවති කාබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya