මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන ආනයනය සම්බන්ධයෙන් දෙසැම්බර් මාසය වන විට තීරණයක් - මහ බැංකු අධිපති

    සැප්තැම්බර් 27, 2021

    වාහන ආනයනය සම්බන්ධයෙන් දෙසැම්බර් මාසය වන විට තීරණයක් ගන්නා බවත්, එක්වරම වාහන ආනයනය ආරම්භ කළහොත් දැඩි පීඩනයක් එල්ල විය හැකි බවත්, එය මේ මොහොතේ දරාගැනීමට හැකියාවක් නොමැති බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    වාහන ආනයනය ඇතුළු විවිධ ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ,  වාහන ආනයනය සම්බන්ධයෙන් ආර්ථීකයට වන පීඩනය දරාගැනීමට කාලයක් අවශ්‍ය බවත්, ඒම පීඩනය දරාගැනීමට හැකි අවස්ථාව එළැඹුනු පසුව ක්‍රමක්‍රමයෙන් වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමට හැකියාවක් බවතින බවත්ය.
    සෙසු ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ, සෙසු ආනයන භාණ්ඩ සීමා දිගින් දිගටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු නොවන බවත්, අවශ්‍ය වන සීමාවට පමණක් ආනයන කටයුතු සිදු කරන ලෙස ආනයනකරුවන්ට පැවසූ බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya