මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැහැ - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    සැප්තැම්බර් 07, 2021

    හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත්, සිනි, සහල් තොග තත්ත්වය පිළිබඳව අනාවරණය වීමත් සමඟ ලෝක ආර්ථික අර්බුදය සහ ආහාර අර්බුදය මෙන්ම ඇතිව තිබෙන සෞඛ්‍ය ව්‍යසනය සමඟ ශ්‍රී ලංකාවේ අහාර සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පාලනය කර ගැනීම හදිසි නීති ගෙන ඒමේ අරමුණ වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් හදිසි නීතිය පැනවීම පිළිබඳ නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් යම් විධිවිධාන ශක්තිමත් නොවන බව වටහා ගැනීමෙන් අනතුරුව එම විධිවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් තිබෙන හෙයින් යම් කලක් ගත වීමේ ඉඩකඩක් තිබෙන අතර, නීතිපතිවරයාගේ අනුමැතිය, ඒවා අධිකරණයේ දී අභියෝග වලට ලක්කරන කාල සිමාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සමමත කරගැනීමට ගත වන කාල සීමාවන් සළකා බලා එම නෛතික රාමුව ශක්තිමත් වන තෙක් අහාර සම්බන්ධව සහ වර්තමාන සමාජ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම හදිසි නීතිය පනවා තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

    වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට උද්ඝෝෂණ රාශියක් සිදු වුන අතර කොරෝනා දරුණු අවධියේ දී උද්ඝෝෂණ පැවතුණ බව සඳහන් කළ අමාත්‍යවරයා, උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ස්ථානයක් ලබා දුන්නා මිස එකඳු ජල ප්‍රහාරයක් හෝ බැටන් ප්‍රහාරයක් වත් එල්ල කිරීමට රජය විසින් කටයුතු නොකළ බව ද සඳහන් කර සිටියේ ය.

    ඒ අනුව, මෙරට තුළ භාෂණයේ නිදහස, උද්ඝෝෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සියලුම දේ ආරක්ෂා වන අතරම, ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් පිළබඳව ජනතාව තුළ විරෝධයක් පැන නැඟී තිබෙන අතරම ජනතාව අතර රජයක් පිළිබඳව යම් වික්ෂිප්තභාවයක් ද ඇති ව තිබෙන හෙයින් මෙම කාර්යය සිදු කරන ලද බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya