මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල රාජ්‍ය ඇමති නිරීක්ෂණයට

    අගෝස්තු 28, 2021

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ තෝඩාමඩුව මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කළ යෝජනාවකට අනුව තෝඩාමඩුව එල්ලංගා පද්ධතිය⁣ට අයත් වැව් ප්‍රතිසංස්කරණය කෙරේ

     තිරප්පනය හා ඉපලෝගම ගොවිජන සේවා බලප්‍රදේශ ආවරණය වන ලෙස වැව් 27 ක් සංවර්ධනය වීමට නියමිත අතර, එහි පළමු වැව ලෙස තෝඩාමඩුව වැව ප්‍රතිසංස්කරණය කෙරේ.

    වැව් බැම්ම, රළපනාව හා ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, වැවේ පවතින රොන් මඩ,අපද්‍රව්‍ය ඉවත් කෙරේ.

    වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් හා නිලධාරීන් සමඟ සාකච්ජාවක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිරීක්ෂණය අතරතුර සිදු විය.

    මෙම අවස්ථාවට මිහින්තලය ආසනයේ දේශපාලන නියෝජිතයින් අනුරාධපුර ගොවිජන සේවා අධ්‍යක්ෂ , ඇතුළු ගොවිජන සේවා නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී විය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya