මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිතාක්ෂණික කේබල් මත ඉදිවන නව කැලණි පාලමේ ප්‍රගතිය විමසයි

    අගෝස්තු 21, 2021

    2014 වර්ෂයේදි මූලික සැලසුම් සකස් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදිවන නව කැලණි පාලමේ ඉදිකිරීම්වල ප්‍රගතිය 98.5% ක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, 19 දින අමාත්‍යාංශයේ පැවති නව කැළණි පාලමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

    නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම,වානේ පාලම් කොටස පින්තාරු කිරීම,නව කැළණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම,පාලම ආලෝකකරණය,ආරක්ෂාව සදහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ලබාදෙන ලදී.

    නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැල සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙමෙ පැල සදහා ජලය සැපයීමට භූගත ජල නල පද්ධතියක් ඉදිකරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී

    මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya