මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීතිය පැනවෙයි: අත්‍යාවශ්‍ය සේවා සඳහා අවසර: 60 වැඩි අය එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙලක්- යුද හමුදාපති

    අගෝස්තු 20, 2021

    අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 සඳුදා උදෑසන 4.00 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට රජය විසින් තීරණය කර තිබෙන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටී.

    මෙම කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සඳහා සහ ඇගලුම් කර්මාන්ත ශාලාවල රැකියාවේ නිරත වූවන් සඳහා,කෘෂි කර්මාන්තයේ යෙදෙන අය සඳහා, මෙන් ම ඖෂධ ශාලා විවෘතව තබා ගැනීමටත් අවසර ලබාදී තිබෙන බවත්,රැකියා සඳහා ගමන් ගන්නා අයට විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය නොවන බවද හමුදාපතිවරයා කියා සිටී.

    මෙම නිරෝධයන ඇදිරි නීතිය කාල සීමාවේ දී මෙතෙක් වයස අවුරුදු 60ට වැඩි එන්නතක් ලබා නොගත් අය සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් සිදු කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ සඳහා ත්‍රිවිධ හමුදාව,සෞඛ්‍ය ක්ෂේත්‍රය යෙදවීමෙන් මෙතෙක් එන්නත් ලබා නොගත් 60 වැඩි අය වෙත එන්නත් ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya