මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍යය ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍යය ප්‍රවර්ධන ව්‍යාපෘති 1107 ක්

    අගෝස්තු 20, 2021

    රටේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍යය ප්‍රවර්ධන ව්‍යාපෘති 1107 සඳහා රුපියල් මිලියන 4457.40 ක් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් වැය කර තිබේ.

    ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රෝහල් පද්ධති හා ඊට අදාල අංශයන්හි සංවර්ධන කටයුතු මෙමඟින් සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටී.

    කොරෝනා වසංගත තත්වය,ඩෙංගු රෝග ව්‍යාප්තිය වලක්වා ගැනීම,වකුගඩු රෝග සත්කාර සේවාව හා බෝ නොවන රෝග වලට ලක්වන ජනතාව අවම කර ගැනීම ඉලක්ක කර ගනිමින් මේ වසරේ සංවර්ධන කටයුතු සිදු කරන බව ද,රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    හදිසි ප්‍රතිකාර ඒකක,වාට්ටු සංකීර්ණ,සායන මධ්‍යස්ථාන,දත්ත ශල්‍යාගාර,ඖෂධ ගබඩා,රසායනාගාර,බාහීර රෝගී අංශ,ප්‍රාථමික සෞඛ්‍ය ඒකක,වෛද්‍ය නිල නිවාස සංවර්ධනය හා වැඩිදියුණු කිරීම ඒ මඟින් සිදු කෙරේ.තවද, වෛද්‍ය හා වෛද්‍ය නොවන උපකරණ ලබා දීම,සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලවල ධාරිතා සංවර්ධනය කිරීම ද, ඊට අයත්ය.

    සෞභාග්‍යයේ ජාතික දැක්ම ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා 2019 වර්ෂයේ සිට 2021 දක්වා මෙය ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya