මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෝවේජියානු, තුර්කි සහ ඉතාලි තානාපතිවරියෝ මුදල් ඇමති හමු වෙති

    අගෝස්තු 20, 2021

    නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියෝ ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ.

    අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය.


    මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝවේජියානු තානාපතිනී Hilde Berg-Hansen මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ කියා සිටියා ය. ඇය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මෙරට විශ්ව විද්‍යාල හා එක්ව පර්යේෂණ කටයුතු දැනටමත් සාර්ථකව ආරම්භ කර ඇති බවයි.

    මෙහි දී අදහස් දැක් වූ තුර්කි තානාපතිනී R.Demet Sekercioglu මහත්මිය, වසංගත තත්ත්වය යම් අඩුවීමක් ඇති වූ වහාම එරට ව්‍යාපාරික කවුන්සිල නියෝජිතයන් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් එහි දී පවතින ආයෝජන අවස්ථාවන් නිවැරැදිව හඳුනා ගැනීමට පසුබිම නිර්මාණය වන බවත් සඳහන් කළා ය. ශ්‍රී ලංකාවේ තේ සඳහා එරට තුළ දැනටමත් ඉහළ ඉල්ලුමක් පවතින අතර ඉදිරියේ දී එය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව ද තානාපතිනිය වැඩි දුරටත් පැවසුවා ය.

    ඉතාලි තානාපතිනී Rita Giuliana Mannella මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ කියා සිටියේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ඇඟලුම්
    විශාල වශයෙන් ඉතාලිය වෙත අපනයනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා එරට වෙළෙඳපොළ තුළ තව දුරටත් අවස්ථාව පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ඇය සඳහන් කළා ය.

    ඉතාලි ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව පැවසූ තානාපතිනිය එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් මෙහි දී ඉල්ලීමක් ද කළා ය.

    සියලු රටවල් සමඟ සුහදත්වයන් කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක ගමන් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහි දී පෙන්වා දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත්
    සඳහන් කළේ, පවතින වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාව වෙත එම රටවල් දක්වන සහය අගය කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya