මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ තොගයක් නීතීයේ රැහැනට

    අගෝස්තු 19, 2021

    නාවික හමුදාව විසින් කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතේ අගෝස්තු 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ  වියළි කහ කිලෝ 370 පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

    නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය කළපු ප්‍රදේශයේ 2021 අගෝස්තු 17 දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතට පැමිණ තිබූ ඩිංගි යාත්‍රාවක් මගින් වල්ලම් යාත්‍රාවකට සැක කටයුතු ලෙස උර කිහිපයක් පටවමින් සිටි පුද්ගලයෙකු නිරික්‍ෂණය කරන ලදී.

    ඒ අනුව සිදු කළ වැඩි දුර පරික්‍ෂාවේදී නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 10ක අසුරා තිබූ වියලි කහ කිලෝ 370 ක තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගත් අතර, එහිදී ඩිංගි යාත්‍රාවක් සහ වල්ලම් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත සැකකරු වයස අවුරුදු 49ක් වන කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවටගත් වියළි කහ සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya