මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශගතවීමට සිටින 8000ට වැඩි පිරිසකට අදාළ රටවල් අපේක්ෂා කරන එන්නත ලබාදීලා - සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    අගෝස්තු 18, 2021

    සෞඛ්‍ය අමාත්‍යංශය සහ යුද හමුදාවේ සහයෝගය ඇතිව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සම්බන්ධීකරණය ලබාගනිමින් විදේශගත වීමට සිටින 8000ට වැඩි පිරිසකට අදාළ රටවල් අපේක්ෂා කරන එන්නත ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා බව පැවසුවේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    දැනටමත් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ඇතුළු ඉල්ලුම් කරන සියලු දෙනාට ඉල්ලුම් කරන පිළිවෙල අනූව එම එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.

    මේ වන විට ලෝකයේ නිෂ්පාදනය කරන සෑම එන්නතක්ම අප රටට ලැබී ඇති බැවින් විදෙස්ගතවන්නන්ට ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන රට අනූව ගැළපෙන එන්නත ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya