මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොව්ඩ් මර්දනයට අමාත්‍යාංශ මට්ටමින් කමිටු පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්

    අගෝස්තු 18, 2021

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක්ම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  ඊයේ (17) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළේය.

    අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී Zoom තාක්ෂණය ඔස්සේ සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා මෙම දැනුවත් කිරීම කෙරිණි. ඒ අනුව සෑම අමාත්‍යෘංශයකම කොවිඩ් මර්දන කමිටු පිහිටුවීමට මෙහිදී යෝජනා විය. ඒ සඳහා එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ ආයතනික මට්ටමින් වන කමිටුවක් පිහිටුවීමට යෝජනා විය.

    එහිදී ආයතනික නිලධාරියෙකු ,සේවකයෙකු යම්කිසි රෝගී තත්ත්වයකට හෝ අපහසුතාවයකට පත් වූ විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියා කළයුතු ආකාරය මෙහිදී සාකච්ඡා විය.

    තම නිවසෙහි කිසිවෙකු හෝ සුළු අසනීප තත්ත්වයක් හෝ පෙන්නුම කරයි නම් රැකියාවට පැමිණීමෙන් වැළකීම , රැකියා ස්ථානයේදී දෑත් සේදීම හා ඒ සඳහා අවශ්‍ය උපකරණ යෙදවීම, කාර්යාලයේදී ආහාර පරි‍භෝජන අවස්ථාව ආදී කරුණු අමාත්‍යාංශ දෙපාර්තාම්න්තු කාර්යාල මට්ටමින් නිසි ලෙස පිළිපැදිය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

    සෑම ආයතනයක් තුළම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් - 19 ව්‍යසනය පරදා ජයගැනීම සඳහා සහය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya