මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක් ඉඩ- විශේෂ පාර්ලිමේන්තු දින දෙකක්

    අගෝස්තු 07, 2021

    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමට, 2021 සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට අගෝස්තු 05 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    කොව්ඩි වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වූ අතර, එම කාලයේදී පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරුන්ට හැකියාව නොලැබුණ බවය ඔහු සඳහන් කළේ ය.

    එහෙත් එම කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු නිසා රජයේ සහ සභානායකවරයාගේ අදහස අනුව විශේෂ පාර්ලිමේන්තු දින 02ක් ලබාදීමට යෝජනා වී තිබිණි.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම යෝජනාව ඉදිරිපත් කළ අතර, කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සාමාජිකයෝ ඊට එකඟ වූහ. ඒ අනුව 2021 සැප්තැම්බර් 06 සහ 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම දින තුළ, මෙලෙස පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක්, ඉඩ ලබාදීමටත් තීරණය වූ බව සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya