මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් කමිටු වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

    අගෝස්තු 07, 2021

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නමවන පාර්ලිමේන්තුවට අදාළව මෙතෙක් සභාගත කර ඇති වාර්තා ද්වය සම්බන්ධව දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යෝජනා කිරිමට පසුගියදා (04) මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී ඒකමතිකව එකඟත්වය පළ විණි.


    2021 අප්‍රේල් 06 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ආයෝජනය කර පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකි. මෙම දෙවැනි විශේෂ වාර්තාව විවාදයට ගැනීමෙන් , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය(ස්ලිට්) ආයතනයේ වර්තමාන තත්ත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙහි සහ රට අභ්‍යන්තරයෙහි පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ඇසුරෙන් සැකසුණු උක්ත වාර්තාව මඟින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහිත ආයතනයක් ලෙස පිළිගැනීමට හා එම ආයතනය කිසිදු අමාත්‍යංශ විෂය පථයක් යටතට නොගැණෙන පරිදි 2017.05.24 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩලය තීරණය නැවත සමාලෝචනය කිරීමටද එම ආයතනයට අදාළ සෙසු අමාත්‍ය මණ්ඩල සන්දේශයන්හි ඇතුළත් කරුණු සලකා බැලීමටත් ඉන් අනතුරුව ස්ලිට් ආයතනය අමාත්‍යාංශයක් යටතට පවරා ගැනීමටත් පියවර ගැනීමට නිර්දේශ කර තිබේ .

    තවද මහපොළ අරමුදලෙහි ව්‍යාපෘතියක් ලෙස එම අරමුදලෙන් ප්‍රාග්ධනය ලෙස මිලියන 500 ක මුදලක් යොදවා,අරමුදලට අයත් මාලඹේ පිහිටි ඉඩමක ඇරඹුණු අදාළ ආයතනය මේ වන විට අරමුදලෙහි පාලනයෙන් සහ ආරම්භ කරන ලද මූලික අරමුණෙන් බැහැරව වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශව විසින් කටයුතු කර ඇති බවට එමඟින් නිරීක්ෂිතය. එම තත්ත්වය වෙනස් කර නැවතත් ආයතනය අරමුදලට පවරාගෙන සාධාරණ ගාස්තු ගෙවීමකට යටත් ව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාවක් ලබාදීමට ද පාර්ලිමේන්තුවට සභාගත කර ඇති මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

    එසේම විධිමත් අධිකාරි බලයකින් තොරව, 2015.05.12 දින අත්සන් කළ ගිවිසුමක් මඟින් ස්ලිට් ආයතනය පිළිබඳව රජයට තිබු අයිතිය හා එහි පාලනය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධව අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගැනීමටත් පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ .

    ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන බව ද, රජයේ මුදල් ආයෝජනය කර ආරම්භ කෙරෙන ඕනෑම ආයතනයක් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැදවීමට ඇති නෛතික හැකියාවත් මෙහිදී කාරක සභා සාමාජිකයින්ගේ දැඩි අවධානයට ලක්විය.

    පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම සඳහා අමාත්‍ය සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර ,එරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා, නලින් බණ්ඩාර සහ ශ‍ානක්කියන් රාසමානික්කම් යන මහත්වරුන් ද විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ද
    සහභාගි වූහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya