මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම ගුරුවරයකුගේ ඇගට අතක් තබා නෑ- මහජන ආරක්ෂක අමාත්‍ය

    අගෝස්තු 06, 2021

    ගුරු විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන කිසිම ගුරුවරයෙකුගේ ඇගට අද වන තුරු අත නොතබා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

    අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ගුරුවරුන් පහර එල්ල කළද ඔවුන්ට පෙරළා පහර නොගසන ලෙස ජනපතිතුමාගෙන් ද උපදෙස් ලැබී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එක් පොලිස් නිලධාරියෙකුගේ අතක ඇගිලි දෙකක් අහිමි වි ඇති බව පැවසූ අමාත්‍යවරයා,යහපාලන රජය සමයේ උද්ඝෝෂණයට ගිය රණවිරුවකුගේ ඇසක් අන්ධ වීමට පහර දුන් බව පෙන්වා දුන්නේය.

    සංචරණ නීති උල්ලංඝණය කළ කිසිවෙකුට තමා විශේෂ සහන ලබා නොදුන් බවද එසේ ඔප්පු කරන ලෙස තමා විපක්ෂයට අභියෝගකරන බවද අමත්‍යවරයා අවධාරණය කළේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya