මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යයේ පළමු වසරයි !

    අගෝස්තු 06, 2021

    2019 නොවැම්බර් මස 16 වන දා පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ''සෞභාග්‍ය දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට
    පත් කිරීම උදෙසා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරගනු වස් ජනතාවගෙන් ඉල්ලූ ශක්තිමත් ජනවරම ඒ ආකාරයෙන්ම ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හවුල්කාර පක්ෂ සමඟ සන්ධානගතව 2020 අගෝස්තු 05 වැනිදා පැවති මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ආසන ප්‍රමාණයකින් ජය ගෙන අද (06) වසරක් සපිරේ.

    එදින සිට වසරක් සපිරෙන මේ මොහොත දක්වා රට ගැන සිතන නව දැක්මක් සහිත ජනාධිපතිවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. ලොව ඕනෑම රටක රාජ්‍ය නායකයින් බලයට පත්වන්නේ තම ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවට ලැබෙන ජනතා අනුමැතියත් සමඟය. එය රටින් රටට කාලයෙන් කාලයට වෙනස් විය හැකිවුවත්, සිය ධුර කාලයේ දී ක්‍රියාත්මක කළ යුත්තේ එලෙස ජනතා අනුමැතිය ලැබූ ප්‍රතිපත්තිමය කරුණු මිස වෙනත් දේවල් නොවේ. එහෙත් ඇතැම් බොහෝ අවස්ථා වල දී ශ්‍රී ලංකාව තුළ එලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය කරුණු බලයට ආ පසු ක්‍රියාත්මක නොවීම දක්නට ලැබුණු නිසාම ජනතාවගේ ඊට කිසිඳු ප්‍රසාදයක් හෝ නොතිබීම දක්නට තිබුණු නමුත්, 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ ''මහින්ද චින්තන ඉදිරි දැක්ම'' ඔස්සේ දස වසරක ඔහුගේ ධුර කාල සිමාව තුළ එකී වැඩි බරක් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට යෙදවීම කිසිසේත්ම අමතක කළ නොහැක. තිස් වසරක සාප ලත් යුද්ධය නිම කිරීම ඉන් එකකි.

    ඒ කෙසේ වුවද, මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය දස වසරකට සිමා කරමින් 2015 දී එක්සත් ජාතික පක්ෂයත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බලයට පත්වන ආණ්ඩුව එක්ව ගෙන ගිය හවුල් පාලන ක්‍රමය නිසා ගොඩනැඟී ආ රට ආපස්සට ගිය ආකාරය කිසිවකුට අමතක කළ නොහේ. මහබැංකු වංචාව, පාස්කු ප්‍රහාරය වැනි ප්‍රභල කරුණු කාරණා නිසාවෙන් ජනතාව තුළ හවුල් ආණ්ඩුව කෙරෙහි පැවති අප්‍රසාදය දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙද්දී මෙරට ජාතික ආරක්ෂාව හා සාමය ආරක්‍ෂා කෙරෙන, සෞභාග්‍යමත් සුරක්ෂිත දේශයක හෙට දවස වෙනුවෙන් වෙනසක අවශතාවය තදින්ම දනී තිබුණු අවස්ථාවක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය රටටටම ආශීර්වාදයක් වූ බව නොරහසකි.

    කෙසේ වුවද, තම ප්‍රතිපත්ති මාලාවන් දියත් කරන්නටත් ප්‍රථම ගෝලීය වසංගතයක් වන කොරෝන ව්‍යාප්තිය නිසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පසෙක ලා තම ජනතාව ඉන් මුදවා ගැනීමට වැඩි බරක් යෙදවීමට කටයුතු කිරීමට සිදු විය. ඒ කුමක් වුවද, රාජ්‍ය ආරක්ෂක අංශ, සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල සහ අනිකුත් වගකිවයුතු රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සහාය ද ලබා ගෙන ඇති සාර්ථක ලෙස කොවිඩ් පළමු හා දෙවන රැල්ල මැඩ පැවැත්වීමට හැකියාව ලැබීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට බඳුන් වූ කරුණක් විය. එමෙන්ම, කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කරමින් සිටින මොහොතක ද සිය කාර්යය මණ්ඩලය නිරන්තරයෙන් මෙහෙයවමින්, විදේශ සහාය ලබා ගනිමින් මෙරට ජනතාවට ලබා දිය යුතු එන්නත් ප්‍රමාණය ලබා ගනිමින් ජනතාව විධිමත් ලෙස එම එන්නත්කරණය කරමින් මේ වන විට මෙරටින් කොවිඩ් හතරවන රැල්ලෙන් ජනතාව බේරා ගැනීමට ඉමහත් වෙහෙසක් දරමින් සිටි. එහෙත් කොරෝන උවදුර සාර්ථකව මැඩපවත්වාගනිමින් ආර්ථිකය බිඳ වැටීමට නොදී තම දසවැදෑරුම් ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටි. ඒ අනුව, දුෂණයෙන් තොර කාර්යක්‍ෂම රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරනු වස් තම අමාත්‍ය මණ්ඩලය 15 කට සීමා කර සියලු අමාත්‍යංශ ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන ක්‍රියාත්මක කරමින් පෞද්ගලිකව ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ අදහස් හා යෝජනා චෝදනා සියල්ලම ලබා ගනිමින් හඳුනාගත් ගම සහ නගර වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    පළමු වසර සපිරීමටත් ප්‍රථම මෙරට උපනූපන් සියලු දෙනාගේ සුව දිවිය වෙනුවෙන් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමටත්, කාබනික පොහොර භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කිරීම සිදුවිය. බදු අඩු කිරීම, ගම නංවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උදෙසා මුළු ලංකාවම ආවරණය වන පරිදි ග්‍රාමසේවා වසම් 14021 ක් ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, සියක් නගර ව්‍යාපෘති ඇති කිරීම, දේශීය කර්මාන්ත වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා ප්‍රමුඛ අවදානයක් ලබා දෙමින් කටයුතු කිරීම, සෞභාග්‍ය දැක්ම සංවර්ධන වැඩ කඩිනම් කිරීම සඳහා 5000 ක පිරිස් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම, මෙරට ළමා
    සහ තරුණ පිරිස් ජවසම්පන්න පිරිසක් බවට පත් කරනු වස් නව ක්‍රීඩාංගණ ඇති කිරීම, ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් කිරීම, විශේෂිත ආර්ථික උත්පාදන ස්ථානයක් ලෙස කොළඹ නගර ව්‍යපෘතිය කඩිනමින් සිදු කිරීම හා එහි පරම අයිතිකරු වශයෙන් ශ්‍රී ලංකාව සිට අවුරුදු 99 කට හෙක්ටයාර 116 ක් චීනයට බදු දීමට කටයුතු කිරීම මඟින් මෙරටට අදායම උත්පාදන ක්‍රමවේදයක්, එනම් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට ද කටයුතු කෙරෙමින් පවතී.

    මෙකී නොකී බොහෝ දෑ වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ සඳහන් වන කරුණු එකින් එක සාර්ථකව කඩිනමින් ක්‍රියාත්මක වෙමින් තිබුණ ද පවත්නා කොවිඩ් අර්බුදයත් සමඟ ඒවා ජනගත වීම පසුගාමී බවක් දක්නට ලැබේ. ඒ කෙසේ වුවද, විවිධ පාර්ශව විසින් තම දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා රට තුල පවතින තත්ත්වය භාවිතා කිරීම දක්නට ලැබේ. ඒ කිසිවකට නොසැලී වසංගතයක් හා උරෙනුර ගැටෙමින්, වෙනත් විදෙස සබඳතා ද ශක්තිමත් කරගනිමින්, අනිකුත් එන විදේශ අභියෝග හමුවේ ද නොසැලී ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ පරම චේතනාව පෙරදැරි කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත වූ ආණ්ඩුව විසින් ගෙන යන අවුරුදු 05 ක මෙම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය එක් වසරකින් බලාපොරොත්තු වීම ප්‍රයෝගික නොවන කරුණකි. නිසි සංවිධානාත්මක වැඩපිළිවෙලක් සහිතව ගමන් ගන්නා මෙම මාර්ගයෙහි ඉතා පහසුවෙන් තම ඉලක්ක සපුරා ගැනීමට මෙම ආණ්ඩුවට හැකි අතර  පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට උතසාහ කරන ඇතැම් කණ්ඩායම් වලට එය හීනයක්ම වනු ඇතැයි ද, එන්නත්කරණය හා කාබනික වගා සංග්‍රාමය  ගැන විපක්ෂය එල්ල කරන විවිධ මත, '' පුහු තර්ක''  වන බව දේශපාලන විශ්ලේෂකයින්  පෙන්වා දේ.

    කොවිඩ්-19 අභියෝග මැද රජය ආර්ථිකය ද සමබරව පවත්වාගෙන යෑමට කටයුතු කරමින්,ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ගෙන යන විශිෂ්ඨ මෙහෙය කිසිදා අමතක කළ නොහැකිය. රජය ගන්නා මෙම උදාර උත්සහායට තවත් ශක්තිමත්වන්නේ, සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීමට සහාය ලබා  දීමෙන්ය....


    සටහන - කසුන්මලී ජයසේකර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya