මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රවාහන පහසුකම්

    අගෝස්තු 06, 2021

    එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට SLRCS සහ UBER SRI LANKA වෙතින් නොමිලේ ගමන්වාර 50000ක්

    එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.

    කොළඹ, ගම්පහ,කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි කොවිඩ් ප්‍රතිකාර රාජකාරීවල නිරත වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මේ වනවිට ක්‍රියාත්මක නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය දැනුම් දීමේ හමුව අරලියගහ මන්දිරයේ දී පැවති අතරවාරයේ මෙම එකඟතාවය පළවිය.
    ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඌබර් ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජිතයෝ පැමිණ අග්‍රාමාත්‍යතුමාට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය සැළ කළහ.
    කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා සේවා සපයන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කාර්ය භාරය මෙහි දී අගය කළ අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම ඔවුන්ගේ සේවයට කරන ගෞරවයක් ලෙස නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම ද අගය කළේය.
    ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා එන්නත් ලබා ගැනීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැතිව අපහසුතාවයට පත්වන ජනතාව වෙනුවෙන් ද නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගමේ මෙහෙයුම් කළමනාකරු එස්.ලියනගේ මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya