මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික රෝහල් විසින් සිදු කෙරෙන ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණවල ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක්

    අගෝස්තු 06, 2021

    පෞද්ගලික රෝහල් විසින් සිදු කෙරෙන ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් සහ එම පරීක්ෂණවල ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අගෝස්තු (04) සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

    මේ වන විට විවිධ මිල ගණන් යටතේ මෙම පරීක්ෂණ පවත්වන බවත් ඒ සඳහා අයකෙරෙන ගාස්තුවල සමානවීමක් පැවතිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එම ආයතනවල පිරිවැය ව්‍යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය , ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පශ්චාත් වෛද්‍ය මධ්‍යස්ථානය ,පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව, පෞද්ගලික රෝහල් සහ හෙද නිවාසවල සංගමය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වි සිටි අතර ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල පාලනාධිකාරිය දැනුවත් කර ඉදිරියේදී කටයුතු කිරීමට ක්‍රියාකරන බව මෙම නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya