මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රය ඉදිරියේ දී නිකුත් කරනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    අගෝස්තු 06, 2021

    2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මඟින් ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් සපුරා ගන්නා බවත් එම ඉලක්කය සපුරා ගැනීම පිණිස අවශ්‍ය සැලසුම් විදුලිබල අමාත්‍යාංශය වෙත මේ වන විටත් බාර දී ඇති බැවින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික බලය ලබා ගැනීමට අවශ්‍ය ගැසට් පත්‍රය නුදුරේ දී ම නිකුත් කරන බවත් බව සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    ඊයේ (5) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු අළ ප්‍රශ්නයාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    එමෙන්ම ආණ්ඩු කිහිපයක් යටතේ වසර 10කටත් වඩා පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති බොහෝමයක් විෂයභාර අමාතයවරයා ලෙස කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සමත් වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

    පාර්ලිමේන්තුවේ දී පා.ම නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිණි.

    එමෙන්ම පසුව නලීන් බණඩාර මහතා විසින් කුඩා ජලවිදුලිබලාගාර ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගී ඇති ගැටළු හා විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම් (POWER PURCHES AGREEMENT) ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නවලට සවිස්තරාත්මක පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩු ගණනාවක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමා වීම නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ලියාපදිංචි වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි. විදුලි බල මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන දෙක අතර පවතින ගැටුම්කාරී තත්ත්වය ඊට හේතු වු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කෙටි කාලයක් තුළ අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විෂය භාර අමාත්‍යවරා ලෙසින් තමා සමත් වු බව ද පෙන්වා දුන්නේය .

    "අපි ඉතාමත් අපි මේ වන විට අපි මෙගාවොට් 550ක් මේ වගේ වසර 10ක් තිස්සේ ක්‍රියාත්මක කිරිමට නොහැකි වුණු ව්‍යාපෘති නැවත වරක් විදුලිය ජනනය කිරීමට අවශය බලපත්‍ර ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා.
    මේ වන විට ඒ සියළුළම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. , විදුලිබල මණ්ඩලයෙන් නවත්වල තිබුණු ඒ ලිපි ලේඛන , ඒ වගේම පරිසර අධිකාරිය , මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වන සංරක්ෂණ, වන ජිවි ආදි ආයතන 16කට පමණ ගිහින් හිරවෙලා තිබුණු ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ මේ වන විට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම ආරම්භ කරල තියෙනවා කියන එක . බලපත්‍ර නිකුත් කරන එක, L.O ඒක ලබා දෙන එක සිදු කරමින් පවතිනවා.ඒ වගේම අනෙකුත් අයතන වලට මේ සඳහා අවශ්‍ය ලියකියවිලි දින 14ක කාලයක් ඇතුළත ලබා දෙන්න කියන නියෝගය සිදු කරල තියෙනවා "යයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

    "සෞභාගයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති මාලාවේ සඳහන් පරිදි පුනර්ජනනීය බලශක්තිය 80%ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට ඇති සැලැස්ම හා ඊට අදාළ නෛතික රාමුව සකස් කිරීම පිිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් සිදු කළ විමසීමට පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ; 2030 වන වි‍ට පුනර්ජනනීය බලශක්තිය 70%ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිමට සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන්නේය.එමෙන්ම ඉතිරි 30% අනෙකුත් ප්‍රභවයන් මඟින් ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    2030 න් පසුව එම ඉතිරි 30% ද පුනර්ජනනීය බලශක්තිය මඟින් ලබා ගැනීමට අපේක්ෂා කරන බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තිය මඟින්ම 100%ක් විදුලිය ජනනය කර ගැනීම පිණිස විෂයභාර අමාත්‍යවරයා ලෙස උත්සහයක නිරත වන බවද පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.

    එමෙන්ම විදුලි ජනනය ඉහළ නැවීමේ පිළිබඳව කිසිදු පාර්ශ්වයක් සැකයක් ඇති නොකරගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2025 වන තෙක්ම දැනට ක්‍රියාත්මක කර ඇති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති මඟින් විදුලිය ජනනය කර ගැනීමට හැකියාව පවතින බව අවධාරණය කළේය.

    සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2030 දක්වා පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලිය උත්පාදනය කරන්නේ කෙලෙසද යන සැලැස්ම විදුලිබල අමාත්‍යාංශයට මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කඩිනමින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට විදුලිබල අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි ද පැවසීය .

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya