මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට පියවර

    අගෝස්තු 05, 2021

    ඉදිරි සති 02ක ඇතුළත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇතැයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවය මතුව තිබෙන තත්ත්වය තුළ මෙම පියවර ගැනීමට සිදුව තිබේ.

    ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ඉහළ යන බව කී අමාත්‍යවරයා, මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් සිදු කරගෙන යන වැඩවර්ජන නවත්වන ලෙස ඉල්ලා සිටියේ ය.

    මෙතෙක් එන්නත ලබා නොගත් සියලු පුද්ගලයින් කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.හෙට (6) සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙරටට රැගෙන එන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya