මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබාදීමට සැපයුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා- අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 27, 2021

    තේ වගාව සඳහා අවශ්‍ය රසායිනික පොහොර වෙනුවට තේ ගසට අවශ්‍ය පෝෂක ඒ ආකාරයෙන්ම ලබාදෙන කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් තමන් මේ වන විට සළකා බලන බවත්, ඒ වෙනුවෙන් කාබනික පොහොර ලබාදීමට සැපයුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේ දී අපනයන භෝගයක් වන තේ වගාව සම්බන්ධයෙන් රසායිනික පොහොර තහනම බලපාන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම කාබනික පොහොර ලබන ඔක්තෝබර් මාසය වන විට මෙරටට ළඟාවීමට නියමිත බවත්, එතෙක් තමන් සතුව තිබෙන යම් ප්‍රමාණයක රසායිනික පොහොර ළඟම ඇති ගබඩා වෙත ලබාදීමට කටයුතු කර ඇති නමුත් තේ වගාකරුවන්ට ලබාදීම සිදු නොකළ බවත්, තම අපේක්ෂාව
    වගාකරුවන් වෙත හොඳ තත්වයේ කාබනික පොහොර ලබාදීම බවත්ය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේ පළමු මාසය තුළ තේ දළු නෙලීම සම්බන්ධයෙන් ලංකාව වාර්තාවක් තබමින් තේ දළු කිලෝ මිලියන 160කට අධික ප්‍රමාණයක් දළු නෙළා ඇති බවත්,එය මෙරට ඉතිහාසයේ වැඩිම දළු නෙලීමෙන් එකක් බවත්ය.

    මෙම තත්වය යටතේ තේ ගසේ තත්වය හා දළු නෙළීම තත්වය බාල වීම ගැන රජය සැළකිලිමත්ද යන්න මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමය තවමත් කල් වැඩි බවය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya