මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානයට

    ජූලි 01, 2021

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ අයිතිවාසිකම් නෛතික රාමුවක් තුළ ශක්තිමත් කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී
    ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මගින් පසුගිය 28 වනදා පැවත්විය.

    මාර්ගගත ක්‍රමයට(Online) පැවැත්වූ මෙම සාකච්ඡාවට ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය හරිනි අමරසූරිය, මංජුලා දිසානායක , ඩයනා ගමගේ, එරාන්
    වික්‍රමරත්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත
    පුද්ගලයින් නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතයෝ ද සහභාගීව සිටියහ.

    වත්මන් කොවිඩ් තත්ත්වය තුළ රජය ගන්නා වැදගත් තීරණ ඇතුළු තොරතුරු වඩාත් විධිමත්ව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සන්නිවේදනය වීමේ අවශ්‍යතාවය පිළිබද මෙහිදී විශේෂ අවධානයක්
    යොමු විය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතයෝ මෙහිදී අදහස් දක්වමින් සිය ගැටලු සහ අවශ්‍යතා ඉදිරිපත් කළහ. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ
    අයිතිවාසිකම් සමාජය තුළ තහවුරු කිරීම මෙන්ම මේසදහා අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීම සදහා කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා විය.

    විශේෂතා අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබද සමාජයේ අවධානය යොමු වීම ඉතා අවම මට්ටමක පවතින බවත් ඒ වෙනුවෙන් පෙනී සිටීම සිය සංසදයේ වගකීමක් බවත් මෙහිදී මන්ත්‍රීවරියෝ
    පැවසූහ.

    ඒ අනුව මේ පිළිබද සෙසු මන්ත්‍රීවරයන්ගේ ද අවධානයට යොමු කොට අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පැවසීය. තවද විශේෂ
    අවශ්‍යතා සහිත පුද්ගලයින් තවදුරටත් ආබාධිත පුද්ගලයින් ලෙස හැඳින්වීම නතර කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya