මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවතම ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දෙයි

    ජූනි 30, 2021

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවතම ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම (NSB Pay) ගනුදෙනුකරුවන් වෙත හඳුන්වාදීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය 28 වනදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම ගෝලීය වසංගත තත්ත්වයේ වුවද ගනුදෙනුකරුවන්ට සිය වැඩ කටයුතු අඛණ්ව කරගෙන යාමට අනෙකුත් ඇප්වල තිබෙන සියලු විශේෂාංග ද සමගින්

    • අති නවීන ජංගම යෙදෙවුම්හි දක්නට ලැබෙන QR කෝඩ් (කේතයන්) ස්කෑන් කර මුදල් ගෙවීමේ පහසුකම.

    • ක්ෂණිකව බැංකුවේ දුරකථන මධ්‍යස්ථානය සමග සම්බන්ධවීමේ හැකියාව ඇතුළු පහසුකම් රාශියක් ගනුදෙනුකරුවන්ට මෙමගින් සලසා දී තිබේ.

    එම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනී කේශිලා ජයවර්ධන මැතිණිය, සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මැතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගිත්වයෙන් සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා වියානි ගුණතිලක මහතා ඇතුළු අරධිතයින් පිරිසක් සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya