මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති සමාව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතලයක් - මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

    ජූනි 30, 2021

    ජනාධිපති සමාව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතලයක් බවත් එය අධිකරණයෙන් වරදකරුවෙකු කළ කෙනෙකු සදහා සමාව දීමට ව්‍යවස්ථාව අනූව හෝ රටෙහි පවතින නීතිය අනූව ජනපතිවරයාට ලැබෙන බලයක් බවද කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපාධිපති මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ අද (30) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනාධිපති සමාව ව්‍යවස්ථානුකූල පසුබිම පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජනාධිපති සමාව ඇතැම් රට වල අගමැති සමාවක් හෝ ආණ්ඩුකාරවරයාගේ සමාවක් වශයෙන් ලබාදෙන බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇමරිකා එක්සත් ජනපදයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව පුද්ගලයන් වරදකරු වීමට ප්‍රථම සැකකරු වීමේදී පවා සමාව දීමේ හැකියාවක් පවතින බවයි.

    ජනාධිපති සමාව පිළිබදව සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන් මෙන්ම නෛතිකව ද විග්‍රහ කළ හැකි අතර මෙලෙස මෙම මාධ්‍ය සාකච්ඡාව තුළ ඒ පිළිබදව නෛතික විග්‍රහයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් කවුන්සිලයේ පවා මරණ දඩුවම අද ක්‍රියාත්මක නොවන බවද, ඔවුන් මරණ දඩුවම දීම සිවිල් සමාජයක ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවද, ඒ අනූව වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව සියලු රටවල් මරණ දඩුවම එපා කියන තැනක සිටින බවද එම නිසා මෙය ලොව කොතැනකවත් අද ක්‍රියාත්මක නොවන බවද මහාචාර්යවරයා සදහන් කළේය.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34.1 වගන්තිය අනූව ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරුවෙකු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට ජනාධිපතිවරයාට සමාව ලබාදිය හැකි බව සදහන්ව ඇතැයිද, මෙම සමාවදීම සම්පූර්ණ සමාවදීමක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාව දීමක් විය හැකි අතර ලංකාවේ පමණක් නොව වෙනත් රට වලද මෙම සමාව දීමේ වර්ග පවතින බවද ඔහු පැවසුවේය.

    එමෙන්ම ජනාධිපති සමාව ජනාධිපතිවරයාට අවැසි පරිදි සුදුසු යැයි සිතෙන කාල සීමාවකට කල් තැබිය හැකි බවත්, නියම කළ දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් පැනවීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවත්, දඩුවම සම්පූර්ණයෙන් නිශ්ප්‍රභා කිරීමට හෝ දඩුවමේ කොටසක් අඩුකිරීමට හැකියාව පවතින බවද වරදකරු සිදුකළ වරද හේතු කරගනිමින් ජනරජයට අයවිය යුතු කිසියම් දඩ මුදලක් වෙතොත් එම මුදල් පවා අයකිරීම නැවැත්වීමට මෙන්ම වරදකරුගේ දේපළ රාජසන්තක වීම නැවැත්වීමට පවා ජනපති හට ව්‍යවස්ථාවෙන් බලතල හිමි වන බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සදහන් කළේය.

    1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34.1 අනූව ජනාධිපති සමාව ඉතාම පැහැදිලි ලෙස ව්‍යවස්ථාවේ අන්තර්ගත කර ඇති බවද, නාමික ජනාධිපතිවරයෙකුට පවා ඕනෑම වරදකට වරදකරුවෙකු වූවෙකු හට සමාව දීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ඒ අනූව ලෝකයේ සෑම රටකම පාහේ ජනාධිපතිවරයා සතුව මෙම වරදකරුවන් හට ජනාධිපති සමාව ලබාදීමේ බලය පවතින බවද ඔහු කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya