මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණයේ දී පුරාවිද්‍යා පනත හෝ අනපනතක් උල්ලංගණය වී ඇතිදැයි සොයාබැලීමට සම්පූර්ණ පරීක්ෂණයක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ජූනි 29, 2021

    හම්බන්තොට තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණයේ දී පුරාවිද්‍යා පනත හෝ අනපනතක් උල්ලංගණය වී ඇතිදැයි සොයාබැලීමට සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

    ඔහු මේ බව සදහන් කළේ අද දින (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යෙමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙලෙස පනත් උල්ලංගණය වීමක් සිදුව ඇත්නම් රටතුළ ඇති බහු ජාතික සමාගම් ආදී කණ්ඩායම් විසින් ඒ පිළිබදව හඩනගනු ඇති බවද, මෙලෙස පනතක් උල්ලංගණය වී ඇතිදැයි සම්පූර්ණ පරීක්ෂණයක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ හමුදාව විසින් සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

    කඩාවැටී ඇති ඇතැම් කණ්ඩායම් විවිධ අර්ථකතනයන් නිර්මාණය කරමින් ඇතැම් දේ සොයාගැනීමට උත්සාහ කරන බව පවසමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනපනත් අමු අමුවේ උල්ලංගණය කර ඇති නම් අනපනත් උල්ලංගණය කරන සියලු පිරිස් පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන උසාවියට යොමු කරන බව මෙන්ම රජයක් වශයෙන් ගෙන ඇති තීන්දු තීර්ණ අනූව අදාළ ආයතන විසින් පර්යේෂණ සිදුකර අදාළ වාර්තා ලබාගෙන ඇති බවය.

    මෙම චීන ජාතිකයන්ගේ ඇදුම යුධ හමුදා ඇදුමට සමාන ඇදුමක්ද, කැළෑ ඇදුමක්ද යනුවෙන් මත පැතිරෙන අතර පරීක්ෂ සිදුකළ අදාළ ආයතන ඇදුම සම්බන්ධව ද රජයට පවසා ඇත්තේ, ඒහි විශේෂත්වයක් නොමැති බවත් ඒය ඔහුන්ගේ ආයතනය අදින ඇදුමක් බවද ඔහු කියා සිටියේය. ඒමෙන්ම සී අයිඩී වාර්තාවට අනූවද ඒය සාමාන්‍ය ඇදුම් කට්ටලයක් බව ඔහු පැවසුවේය.

    ඇතැම් සිකුරිටි ඒනම් ආරක්ෂක සේවා සපයන ආයතන සතුවද මෙවැනි විශේෂිත ඇදුම් ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඒවැනි ආයතනයකට ඇදුම් පවත්වාගැනීම පිළිබදව ලයිසිතුවක් ලබාදී ඇති බවත්, ඒම ආකාරයෙන් වෙනස් ඇදුමක් භාවිතා කිරීමට අවශ්‍ය නම් එය ඉදිරිපත් කර එයට අනුමැතිය ලබාගනිමින් එම ඇදුම භාවිතා කළ හැකි බවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya