මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ

    ජූනි 21, 2021

    ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

    මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

    එයට අමතරව රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.



    එමෙන්ම මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 2.30 ට එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව ද දසනායක මහතා පැවසීය.

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව මහජන යෝජනා ලබා ගැනීම සදහා පසුගිය ජුනි මස 19 වැනිදා දක්වා කාලය ලබාදී තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya