මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාව වෙනස්කිරීම රටේ ජනතාවගේ අයිතියක්- එයට බාහිර බලවේගවලට අතපෙවීමට හැකියාවක් නෑ- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ජූනි 15, 2021

    ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමඟි සන්ධානයට එළැඹිම හෝ ගිවිසුම්ගතවීම මත තීරණය කරන්නේ නම් එය මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන බලපෑමක් බවත්, ශ්‍රී ලංකාව තුළ පවතින ස්වෛරීත්වයට එල්ල කරන තර්ජනයක් බවත්, මේ සම්බන්ධයෙන් විදෙස් කටයුතු අමාත්‍යංශය නිවැරදි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(15 දින ) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජීඑස්පී ප්ලස් සහනය ඉවත්කිරීමට යුරෝපීය සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ව්‍යවස්ථාව වෙනස්කිරීම රටේ ජනතාවගේ අයිතියක් පමණක් බවත්, එයට බාහිර බලවේගවලට අතපෙවීමට හැකියාවක් නොමැති බවත්, රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත්‍රිත්වයට විනා ජනතාවගේ ස්වාධිපත්‍ය නිරූපණය කිරීමට වෙනත් බාහිර සංගම්වලට හැකියාවක් නොමැති බවත්ය.

    ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවය, කම්කරු නීතිය නොපිළිපැදීම හෝ කම්කරු අයිතීන් කඩ කිරීම වැනි කටයුතු සිදු කරන්නේ නම්, ජීඑස්පී ප්ලස් සහනය කප්පාදු කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද ඇඟලුම් හා ජීඑස්පී ප්ලස් සහනය ඇති අනෙකුත් කර්මාන්තවලට කිසිඳු සම්බන්ධයක් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කිරීමක් අළලා ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සාධාරණ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය  නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya