මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අනුමැතිය

    අප්‍රේල් 27, 2021

    සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාවසායකයින්ට සහාය විම සඳහා ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බව අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාවසායකයින් දිරි ගැන්වීම හා නිෂ්පාදන රටාව වැඩි කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කරන බවය.එසේම යම් ණය මුදලක් ලබා ගැනීමට යාමේ දී බැංකු මඟින් එම ණය මුදලට ඇපයක් තැබීමට සිදු වීම ද මෙම ව්‍යාවායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වේ.ඒ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමටත්,මහා බැංක්ව හා මුදල් අමාත්‍යාංශය යටතේ ආවරණය වන මුල්‍ය ආයතනයන්ට මෙම ඒකකය හරහා සහතියක් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

    බැංකුවට ගිය විට ව්‍යාවසායකයින්ට මුහුණු පෑමට සිදු වන පීඩනය අවම කර ගැනීම සඳහා මෙම ආයතනය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන්නේ,එම ආයතනය හරහා සුළු පහා මධ්‍ය පරිමාණයේ ව්‍යාවසායකයින් ලබා ගන්නා ණය මුදලට යම් ආවරණයක් ලබා දීම මෙමඟින් සිදුවෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya