මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරය සම්බන්ධයෙන් බලපානු ලබන්නේ ශ්‍රී ලංකාවේ දේශීය නීතියයි- අධිකරණ අමාත්‍ය

    අප්‍රේල් 18, 2021

    වරාය නගරය සම්බන්ධයෙන් බලපානු ලබන්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය බවත්, ඒ අනුව මෙහි බලපාන පොදු නීතිය හා අපරාධ නීතිය මෙරට දැනට බලපවත්වන නීතිය බවත්,මෙම වරාය නගරයේදී වානිජ බේරුම්කරණ නීතිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක 1995 අංක 11 දරන දැනටත් රටේ ක්‍රියාත්මක බේරුම්කරණ පනත ක්‍රියාත්මක කෙරෙන අතර ඒ හැර සියලු නීති මෙරට ස්ථාපිත නීති බවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වරාය නගරයේ නීතිමය තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව මාධ්‍ය හමුවේ පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා පැවසුවේ, බේරුම්කරණය මගින් වානිජ නඩුවක් විසඳා ගැනීමට නොහැකි නම් ඒ සඳහා වානිජ මහාධිකරණයේ නඩු පැවරීම් හරහා එම වානිජ කටයුතු කරගැනීමට හැකියාවක් ඇති බවත්, මෙම වරාය නගරයේ ඇතිවන නඩු සඳහා ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන්නැයි පනත මගින් වගන්තියක් එක්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මීට අමතරව සමස්ත වරාය නගර පද්ධතිය පාලනය කිරීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බවත්, එම කොමිෂන් සභාවට අවම වශයෙන් 05ක් හෝ උපරිම වශයෙන් 07ක් මෙරට ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන බවත්, පනතේ නව වැනි වගන්තියට අනුව එම සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269ක් බවත්, එයින් හෙක්ටයාර් 91ක් මාර්ග වැනි පොදු පහසුකම් සඳහා බවත්, හෙක්ටයාර් 146ක් එනම් 43%ක් ව්‍යාපෘති කරන සමාගමට අයත් ලෙස සහ සියයට 23ක් රජයට අයත් කොටස් ලෙස පවතින බවත්, කෙසේ වුවද මෙම සියලු භූමිය රජයට අයිති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වරාය නගරයේ ව්‍යාපෘති ආයතනයට අයිති 43%ක ප්‍රමාණයත් ඔවුන්ට බදු දී ඇත්තේ අනූ නව අවුරුදු බද්දකට පමණක් බවත්, ඔවුන් යළි බද්දට ලබා දෙන්නේ නම් එම බදු ලබාදීමේදී පවා නාගරික සංවර්ධන අධිකාරිය අත්සන් කළ යුතු බවත්, මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කළ හැක්කේ චීන සමාගම්වලට පමණක් බවට පැවසෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඕනෑම රටක පුද්ගලයකුට මුදල් යොදවා ආයෝජනය කළ හැකි බවත්, නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

    පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස මෙම වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට අනුගත කර ඇති බවත්, මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියට භාර දී ඇති බවත්, 2016 දී අත්සන් කරන ලද ත්‍රෛපාර්ශවික ගිවිසුමක් මගින් බස්නාහිර සහ මහ නගර අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා වරාය නගර ව්‍යාපෘතිය කරන සමාගම යන ආයතනයන් මෙම වරාය නගරය සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින බවත්, අවසානයේදී සමස්ත අයිතිවාසිකම ඇත්තේ රජය සතුව බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya