මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ

    මාර්තු 25, 2021

    ''තිරසර සංවර්ධනයක් සඳහා වූ සංචාරක ව්‍යාපාරයක්''යන්න තේමා කොට ගනිමින් නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ - සංචාරක අමාත්‍යාංශය

    ''තිරසර සංවර්ධනයක් සඳහා වූ සංචාරක ව්‍යාපාරයක්'' යන්න තේමා කොට ගනිමින් මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම සඳහා ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ.

    කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව තිබෙන මෙරට සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත රොබට් ජුකම් මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.
     ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට කොවිඩ් 19 අර්බුදය නිසා සිදු වූ බලපෑම පිළිබඳ ක්ෂණික තක්සේරුවක් සිදු කිරීම.

     ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට උරදෙන සංචාරක මාර්ග සිතියමක් සැකසීම.
     එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා දේශීය උපදේශකයන්ගේ ක්ෂණික සහය කොවිඩ් 19 අරමුදලට පිළියමක් ලෙස ලබාදීම.
     ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් උදෙසා ආරම්භයක් ලෙස
    ජංගම මෘදුකාංගයක් වැඩි දියුණු කිරීම.
     ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට මානව සම්පත් සහය ලබා දීම.
    ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලින් සහය ලබාදීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව නව සැලැස්ම යටතේ
     ජාතික සංචාරක ප්‍රතිපත්තියක් ඇති කිරීම.
     සංචාරක මූලෝපාය සැලස්ම යථාවත් කිරීම.
     තාක්ෂණික උපදේශන ඒකකයක් පිහිටුවීම.
    යන කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

    රට නැවත සංචාරකයින්ට විවෘත කිරීමත් සමගම ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නංවා ගැනීම සඳහා පූර්ණ සහය ලබාදෙන බව මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන
    අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත රොබට් ජුකම් මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා මෙතෙක් ලබා දුන් සහය වෙනුවෙනුත් ඉදිරි වැඩසටහන් සඳහා ලබාදෙන සහය වෙනුවෙනුත් ස්තුතිය පල කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

    නව සංචාරක ප්‍රතිපත්තිය අනුව වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන හතක් දක්වා ඉහළ යන ආකාරයේ සංචාරක ප්‍රවර්ධන වැඩ සැලැස්මක් සකස් කිරීම් යටතේ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් ජාතික ආර්ථිකයට එක් කිරීමේ ජනාධිපති වරයාගේ ප්‍රතිපත්තිය අනුව මෙම සැලසුම් ක්‍රියාත්මක කෙරෙයි.

    මේ යටතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල පුළුල් ප්‍රචාරණයක් ලබා දීම වෙනුවෙන් උපායමාර්ගික ප්‍රචාරක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරයි.
    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්, හෙට්ටිආරච්චි , සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya