අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහරාජ වනාන්නතරය සම්බන්ධයෙන් පළ වන ඇතැම් අසත්‍ය ඡායාරූප හේතුවෙන් සත්‍ය තොරතුරු පවා මග හැරෙනවා- පරිසර අමාත්‍ය

    මාර්තු 24, 2021

    සිංහරාජ වනාන්නතරය සම්බන්ධයෙන් පළ වන ඇතැම් අසත්‍ය ඡායාරූප හේතුවෙන් සත්‍ය තොරතුරු පවා මග හැරීමට ඉඩ ඇතැයි පරිසර අමාත්‍යවරයා පවසයි.

    වර්තමානයේ කතාබහකට ලක් වන සිංහරාජ වනාන්තරය තුන්ගුණයකින් පුළුල් කිරීමට මෙම රජය කටයුතු කළ බවත් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය මැදිහත් වීමක් නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍යවරයා අද (24)පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

    සමාජ මාධ්‍ය සහ විරුද්ධ පක්ෂය මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරන බැවින් අන්තර් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සිංහරාජ වනාන්තරයට අයත් වන්නේ හෙක්ටයාර් 12,000කට ආසන්න භූමි ප්‍රමාණයකි. හිටපු ජනාධිපතිවරයා එම භූමි ප්‍රමාණය 36,000ක් දක්වා වැඩි කිරීමට ගැසට් පත්‍රයක් අත්සන් කළ බවත් මෙම රජයද සිංහරාජ වනාන්තරය පුළුල් කළ යුතු යැයි තීරණය කර පසුගිය සැප්තැම්බර් මාසයේ එම ගැසට් පත්‍රය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සිංහරාජ වනාන්තර තුන් ගුණයකින් පුළුල් කිරීමට මෙම රජය කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වර්තමානයේ කතාබහකට ලක් වන සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වලංකන්ද හඳපාන් ඇල්ල අතර බෝටියතැන්න ප්‍රදේශය සිංහරාජ වනාන්තරයේ කළින් පැවති හෝ පුළුල් කළ භූමි ප්‍රමාණයට අයත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,මෙම ප්‍රදේශයට අයත්වන රජයේ හා පෞද්ගලික ඉඩම්වල ඔප්පු පිලිබදව නිසි පර්යේෂණයක් කර රජයට පවරා ගැනීමේ හැකියාව පිළිබඳ බද වාර්තාවක් ලබා ගැනීමට අදාළ නිලධාරින් උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය. එලෙස පවරාගැනීමෙන් පසු එම ඉඩම් ලෝක උරුම සිංහරාජයට ලබාදීම සඳහා කටයුතු කරන බවද කීය.

    පරිසර අධිකාරියත්, වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත් වී ඇති බවත් කිසිදු රාජ්‍ය බලපෑමක් මේ සම්බන්ධයෙන් නොමැති බව පරිසර අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සමාජ මාධ්‍යයන්හි විවිධ ඡායාරූප බවත්, ඉන්දුනීසියාවේ ඇතැම් වනාන්තර වල ඡායාරූප පවා සිංහරාජය ලෙස පළ කර ඇතැයි පැවසූ අමාතයවරයා අසත්‍ය තොරතුරු පළ කිරීම හේතුවෙන් සත්‍ය තොරතුරු පවා මග හැරී ඇතැයිද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya