අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවන්නා ඔයට එකතුවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නවා

    මාර්තු 24, 2021

    දියවන්නා ඔයට එකතුවී ඇති අපද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලයට නොපමාව දැනුම්දී එය ඉවත් කිරීමට පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

     

    මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට දියවන්නාවෙහි එක් කොටසක් පුරා ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති අතර ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කතානායක වරයා මේ බව කීය. යම් කොළ පැහැති ද්‍රව්‍යයක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස දියවන්නා ඔය ප්‍රදේශයට එකතු වීම නිසා එහි ජලය ප්‍රදේශය බෙහෙවින් අපවිත්‍ර වී ඇතැයි විපක්ෂනායකයා චෝදනා කළේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කතානායකවරයා පැවසුවේ දුර දිග නොබලා ක්‍රියා කිරීම නිසා මෙම සිද්ධිය සිදු වී ඇති බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya