මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕපාත,කොටුගොඩ දේශීය මුහුණු ආවරණ කර්මාන්ත ශාලාවක්

    මාර්තු 17, 2021

    ඕපාත,කොටුගොඩ “සෙන්ස්ට්‍රොනික්ස්” නව දේශීය මුහුණු ආවරණ කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් (16) විවෘත විය.

     

    වෛද්‍ය මුහුණු ආවරණ හා KN 95 මුහුණු ආවරණ මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කරනු ලබන අතර එ්වා දේශීය නිෂ්පාදන වේ. දේශීය ව්‍යවසායකත්වයෙන්, ශ්‍රම දායකත්වයෙන් හා චීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙම නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබයි.

    මෙරටේ හොඳ දේවල් සඳහා ප්‍රසිද්ධිය ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. මාස 6 ක කාලඡ්ඡේදය තුළදී අපගේ SPMC ආයතනය මසකට එක් ඖෂධයක් බැගින් මෙරට නිෂ්පාදනය කරල, බෙදා හැරීම තුළින් මෙරටට කෝටි 500ක පමණ මුදලක් ඉතිරි කළා.

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දේශීය නිෂ්පාදනය සඳහා මුල්තැන ලැබිය යුතු බවත් එබැවින් දේශීය නිෂ්පාදකයා රැකගතයුතුයි යන මතයේ සිටිනවා. මේ සඳහා කටයුතු කරගෙන යාමේදී රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අවස්ථාවන්වලදී ලැබෙන සහයෝගය ඉතා අඩුයි. නොයෙකුත් අඩුපාඩු සිද්ධ වෙනවා.

    අද මේ අවස්ථාවේදී ශෙල්‍ය මුහුණු ආවරණ හා KN 95 මුහුණු ආවරණ මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීම ගැන සංතෝස වෙනවා. මෙය දේශීය නිෂ්පාදනයක්. ඉදිරියේදී වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා N 95 මුහුණු ආවරණ මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන්නේ නම් ඒ සඳහා මෙරට රෝහල් වලින් විශාල ඉල්ලුමක් ලැබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ලංකාවට ආනයනය කරන ලද මුහුණු ආවරණ පමණයි දැනට වෙළ෦෦ඳපොළේ තියෙන්නේ. ඉදිරියේදී මුහුණු ආවරණ සඳහා වෙළ෦෦ඳපොළේ ඉල්ලුමක් පවතින බවත් දේශීය කර්මාන්ත කරුවා රැකගැනීම අපගේ රජයේ බලාපොරොත්තුව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෙන්ස්ට්‍රොනික්ස් ආයතනය (SENSETRONICS PVT LTD) විවෘත කරමින් එම උත්සව අවස්ථාව අමතමින් පැවසුවේය.

     

    එම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉංද්‍රවංශ මහතා සෙන්ස්ට්‍රොනික්ස් ආයතනය (SENSETRONICS PVT LTD) හි සභාපති සමන් ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya